Saturday, August 20, 2011

මධ්‍යම කඳුකරයේ වනාන්තර සහ කඳු මුදුන් අක්කර 700ක් ගිනි තබා විනාශ කරලා

ස්වභාවික ජල උල්පත් රැසකට හානි



මධ්‍යම කඳුකරයේ වනාන්තර සහ උස් කඳු මුදුන් ගිනි තබන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා බලධාරීන්ට නියෝග කළේය.

නකල්ස් රක්ෂිතයට අයත් සුදුගල රක්ෂිත වනාන්තර, නාගල රක්ෂිතය, මැදවත්ත රක්ෂිතය ඇතුළු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර අක්කර 700 ක් පමණ මේ වන විට ගිනි ගැනීම් නිසා විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ අයුරින් සත්ව හා ශාක ජීවීන්ට සිදුවන හානි සැලකිල්ලට ගනිමින් ප්‍රධාන ඇමැතිවරයා මෙම නියෝගය පනවා ඇත.
වියළි කාලගුණික තත්ත්වයන් පවතින කාලවලදී ඇතැම් පුද්ගලයින් රක්ෂිත කැලෑවලට ගිනි තැබීම සිදු කරයි. මේ නිසා ස්වභාවික ජල උල්පත් සිඳීයාම සහ ජෛව විවිධත්වයට බරපතල හානි පැමිණෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

http://www.dinamina.lk/2011/08/19/_art.asp?fn=r1108191

No comments:

Post a Comment