Friday, August 26, 2011

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව රෝහල ගාල්ල හියාරේ

ඉමදූම සමූහ ලංකින්ද නානායක්කාර

ගාල්ල හියාරේ සුන්දර වන පියසෙහි ලංකාවේ ප්‍රථම වන සත්ත්ව රෝහලක් පසුගියදා විවෘත කරනු ලැබීය. මෙය ලංකාවේ ප්‍රථම වනජීවී රෝහල වේ.

වනජීවී දෙපාර්තමේන්තුව, ගාල්ල මහ නගර සභාව, ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය එක්ව මෙම වනජීවී රෝහල හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රයේ දී පිහිටුවනු ලැබීය.

මේ වන විට තුරුගොමු වලින් සපිරි හියාරේ වනයේ විවිධ වර්ගයේ සතුන් 10 දෙනෙක් නේවාසිකව ආරක්ෂිත කූඩුවල ප්‍රතිකාර ලබයි. මිනිසා සතා සිව්පාවා ගහකොළ එකම යායක එක් එක් පුරුක් මෙන් ජීවත් වේ. මේ සියල්ල එක්වූ තැන අප හිතන සොඳුරු ලෝකය මැවෙන්නාක් වැනිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා:– අපේ ගාල්ල මහ නගර සභාවෙන් තමයි මෙහි පාලන කටයුතු කරන්නේ. පැළ තවාන් ඇති කර පැළ ලබා දීම, පරිසරවේදීන්ට පාසල් විශ්වවිද්‍යාල දරුවන්ටත් මෙහි ප්‍රයෝජන තියනවා. මෙය බලන්න එන්න. මම දේශපාලනඥයෙක් වශයෙන් නොවෙයි ගුරුවරයෙක් වශයෙන් අපේ දරුවන්ට කියන්නේ සතුන්ට සලකන්න පරිසරයට ආදරය කරන්න. එවිට අප ලෝකයටම ආදරය කළා වගේ යැයි

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුරද සිල්වා මහතා: වන සතුන් රැකගැනීම ආරක්ෂා කර ගැනීම ඒ සඳහා- පරිසරයක් සැකසීම අප මුලසිටම සිදුකළා. යම් අනතුරකට පත් වූ සතුන් නිරතුරුවම ගෙන ආවේ හියාරේ වනයටයි. එය අප කාලාන්තරයක් තිස්සේ සිදුකළා. ඔවුන්ට ප්‍රතිකාර කළා. වන සතුන් ගෙනවිත් ප්‍රතිකාර ලබා දුන්නද ශල්‍යකර්ම සිදුකළද ඒ සඳහා නියමිත ස්ථානයක් තිබුණේ නෑ. අවශ්‍ය කූඩු තිබුණේ නෑ. නමුත් දැන් ඒ සඳහා සියලු පහසුකම් නියමිත ස්ථානයක් සියලු පහසුකම් අද මෙහි තිබෙනවා. කුරුළු විශේෂ කිිහිපයක්, මුවෝ, කිඹුලෝ, සර්පයෝ දැන් හරි අපූරුවට නිදහසේ ආරක්ෂාකාරීව අපේ පරිසරවේදීන්ගේ ආදරයෙන් ප්‍රතිකාරයෙන් සුවපත්වෙමින් සිටිති.

http://www.dinamina.lk/2011/08/26/_art.asp?fn=r1108262

No comments:

Post a Comment