Tuesday, August 30, 2011

හොර ඔසුසල් වටලන මහා මෙහෙයුමක්

මරදානේ තැන් 4ක් කොටු වෙයි
ආහාර-ඖෂධ එකම ශීතකරණයක - පුහුණුවක් නැති අයත් ෆාමසිවල

එහෙත් ඇතැම් ඔසු සල් ලියාපදිංචිය සිදු නොකර සිටින බැවින් මේ පියවර ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව පෙරේදා (27) වැටලීම් එම අධිකාරියේ අධ්‍යක්‍ෂ හේමන්ත බෙනරගම මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් ආරම්භ කර තිබේ. කොළඹ මරදාන, පංචිකාවත්ත ප්‍රදේ්ශවල ඔසු සල් 10ක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර ඉන් 4ක් ලියාපදිංචි කර නැති බවට තහවුරු වී ඇත.

පුහුණුවක් සහිත ඖෂධවේදියකුගේ සේවය ලබා නොගැනීම, වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ නිකුත් කිරීම, එක් එක් ඖෂධ ගබඩා කළ යුතු නියමිත උෂ්ණත්වයේ ඖෂධ ගබඩා නොකිරීම, ඖෂධ හා ආහාර ද්‍රව්‍යය එකම ශීතකරණයේ ගබඩා කිරීම, මෙරට භාවිතයෙන් ඉවත් කළ ඖෂධ තබා ගැනීම, බාල ඖෂධ අලෙවි කිරීම හා වෛද්‍යවරුන් නියම කළ ඖෂධ වෙනුවට වෙනත් මිල අධික විකල්ප ඖෂධ රෝගීන්ට අලෙවි කිරීම වැනි කාරණාවන්ට අදාළව පරීක්‍ෂණ සිදුකරන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකාරියට උපදෙස් දී තිබේ.

මේ වැටලීම් ප්‍රාදේශීය වශයෙන් ඖෂධ හා ආහාර පරීක්‍ෂකවරු මගින් සිදු කෙරෙන අතර ඒවා නියාමනය කිරීමේ පූර්ණ බලතල පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරු හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ට තිබේ.


http://www.dinamina.lk/2011/08/29/_art.asp?fn=n1108291

No comments:

Post a Comment