Saturday, August 20, 2011

Leptospirosis (rat Fever) Update: 20th August

මී උණ රෝගය යළි පැතිරීමේ අවදානමක්‌
කුඹුරු හා වගුරුවල සරුංගල් යෑවූ දරුවෝ 15 ක්‌ රෝහල්වල

ඒමන්ති මාරඹේ

පසුගිය සති කිහිපය තුළදී ළමුන් 15 දෙනකු පමණ කුඹුරු හා වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යෑවීමට ගොස්‌ මුල් කැබැලි, ගල් හා නිදි කුම්බා වැනි කටු පඳුරුවල ගැටී මී උණ හෙවත් "ලෙප්ටොස්‌පයිරෝසිස්‌" රෝගී බැක්‌ටීරියාව ශරීරගත වී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි වසංගත රෝග විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් මීයන් ගැවසෙන, මී මුත්‍රා මිශ්‍රවී පැවැතිය හැකි වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශ හා කුඹුරුවල සරුංගල් යෑවීම, දුව පැන ඇවිදීම, එවැනි ප්‍රදේශවල පවතින කොහිල පාත්තිවල දලු නෙළීම වැනි කාර්යයන් සිදු කිරීමේදී පාද තුවාල කර ගැනීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ. එමෙන්ම පාදවල තුවාල පවතින කුඹුරුවල සේවය කරන්නන් එම තුවාල සුව වන තෙක්‌ කුඹුරු කටයුතුවල යෙදීමෙන් වැළකී සිටීම හෝ බූට්‌ සපත්තු පැළඳ කුඹුරුවල වැඩ කිරීම යන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව ඔවුහු කියා සිටිති.

මෙම වසරේ ගත වූ මාස 08 තුළ "ලෙප්ටොප්පයිරෝසිස්‌" රෝගීන් 4751 දෙනකු දිවයිනෙන් වාර්තාවී ඇති අතර මරණ 60 ක්‌ වාර්තාවී තිබේ. මේ යටතේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 1381 කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තාවී ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාව එනම් මරණ 11 ක්‌ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වී තිබේ.

මී උණ හෙවත් "ලෙප්ටොප්පයිරෝසිස්‌" රෝගය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන මෙහෙයුම් කමිටුව පෙරේදා 17 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්‌වූ අවස්‌ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.



http://www.divaina.com/2011/08/19/news06.html



දරුවනි මී උණ භයානකයි - කුඹුරු-වගුරු බිම්වල සරුංගල් යවන්නෙපා
දරුවන්ට මී උණ රෝග කාරක බැක්ටීරියාව ශරීරගත වන්නේ කුඹුරු හා වගුරුබිම් ආශි‍්‍රත ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් බව අනාවරණය වේ.

මී උණ වැළඳී පසුගිය සති කීපය තුළ රෝහල් ගත කෙරුණ දරුවන් පහළොස් දෙනෙකු ගෙන් මේ බව අනාවරණය කරගෙන තිබේ.

සරුංගල් අරින දරුවන් සරුංගලය දෙස බලාගෙන කුඹුරු හා වගුරු බිම්වල දුවන නිසා මුල්කැබලි ගල් සහ නිදිකුම්බා වැනි කටු පඳුරුවල දැවටී සිදුවන තුවාල ඔස්සේ මී උණ බැක්ටීරියාව ශරීර ගතවන බවද හෙළි වී තිබේ. ගෙවත්තේ කොහිල පාත්තිවල දලු නෙලීමට ගිය අයටද මී උණ වැළඳී තිබේ. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පැවැති මෙහෙයුම් කමිටු රැස්වීමකදී මේ බව අනාවරණය වී තිබේ. ගතවූ වසරේ මාස අට තුළ ලෙප්ටොස්ෆයිරෝසිස් රෝගීන් 4751 දෙනකු සහ මරණ 60 ක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 1381 වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

වැඩිම මරණ සංඛ්‍යාව වන 11 වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර කුරුණෑගල මියගිය සංඛ්‍යාව 10 කි. හම්බන්තොටින් 8 දෙනෙකුද කළුතරින් 7 දෙනෙකු ද මී උණ රෝගයෙන් මියගොස් තිබේ.

පාදවල තුවාල සුවවන තුරු කුඹුරුවල ඇවිදීමෙන් වැළකිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

http://www.dinamina.lk/2011/08/19/_art.asp?fn=n1108196

No comments:

Post a Comment