Tuesday, August 30, 2011

එල් එන් ගෑස් නිපදවීමට රජයේ අවධානය

සුභාෂිනි සේනානායක

මෙරට බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ස්වභාවික ද්‍රව වායු (LNG) නිෂ්පාදනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් පත්කර ඇති අතර එම කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කර තිබේ. විදුලිබල නිෂ්පාදනයට, ප්‍රවාහනයට, ගෘහස්ථ පරිභෝජනයට හා පොහොර නිෂ්පාදනයට ස්වභාවික ද්‍රව වායු භාවිත කළ හැකි බව පවසන ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා, මේ අංශවලට ද්‍රව වායු අදියරෙන් අදියර හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවද පැවැසී ය.

පළමු අදියරේ දී ලංකා විදුලි බල මණ්ඩලය තාප විදුලිබලාගාර සඳහා පියවරෙන් පියවර හඳුන්වාදෙන බව කී ඇමැතිවරයා, වාහන සඳහා ස්වභාවික වායු යොදා ගැනීමේ දී එය සම්පීඩන වායු බවට පරිවර්තනය කළ යුතු බවත් ඒ සඳහා යොමුවීමේ දී මූලික ප්‍රාග්ධනයක් යොදවා ස්වභාවික වායු යන්ත්‍රෝපකරණ හා පරියන්ත ඉදිකිරීමට අවශ්‍ය බවත් පැවැසීය.

තවත් වසර 20 කින් පමණ ඛනිජ තෙල් ලෝකයෙන් ක්‍ෂය වීමේ තත්ත්වයක් උද්ගත වී ඇතැයි කී අමාත්‍යවරයා, බලශක්ති පිළිබඳ ලෝක සමුළුවේ දී ඛනිජ තෙල් පමණක් නොව ස්වභාවික ද්‍රව වායු හා ඒ ආශි‍්‍රත වායු කෙරෙහි විශේෂ අවධානය යොමු වූ බවද කීය.ගෑස් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී 2010 වසරට අනුව ස්වභාවික ද්‍රව වායු වාර්තාවට අනුව කටාර් රාජ්‍ය 26%, ඉන්දුනිසියාව 11%, මැලේසියාව 10% ස්වභාවික ද්‍රව වායු අපනයනය කර තිබේ. ජපානය 32%, දකුණු කොරියාව 19%, ස්පාඤ්ඤය 9%, බ්‍රිතාන්‍ය 6% ද්‍රවවායු ආනයනය කර ඇති අතර ස්වභාවික ද්‍රව වායු භාවිතය නිසා ඛනිජ තෙල් වලට සාපේක්‍ෂව පිරිවැය අඩුවීම දැවි තෙල් හා ගල්අගුරුවලට වඩා 2/3 න් කාබන් ප්‍රතිශතය අඩුවීම වැනි වාසි අත්වන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.


http://www.dinamina.lk/2011/08/29/_art.asp?fn=n1108295

No comments:

Post a Comment