Wednesday, August 17, 2011

Cement Shortage: Update 17-08-2011 (3 items)

සිමෙන්ති වැඩි මිලට විකිණූ 910 ක්‌ කොටුවෙති

සිරිමන්ත රත්නසේකර

සිමෙන්ති වැඩි මිලට විකිණූ සහ සඟවා තබාගෙන සිටි වෙළෙඳුන් නමසිය දසදෙනකු නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන්ට හැකිවී ඇත.

පසුගිය දින කිහිපය තුළදී දීප ව්‍යාප්තව සිදුකළ වැටලීම්වලදී එම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.

අදාළ වෙළෙඳුන් පිරිස අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කළ බවත්, පාරිභෝගික නීති කඩ කරමින් වෙළෙ¹ම් කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසු කරගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදු කරන බවත් එම අධිකාරිය සඳහන් කරයි.



http://www.divaina.com/2011/08/17/news28.html
=====================================



CCC to import 200,000 bags of cement


By Pabodha Hettige

The Ceylon Cement Corporation says that they would import 200,000 bags of cement within the next fortnight to address the cement shortage that has currently affected the construction industry. "The SLS certification will be awarded for the cement and the constructors will not have to be concerned about the quality," Chairman Lanka Cement Corporation, Sisira Paranagama said.

The CCC will establish a 294-dealer network countrywide to distribute the cement to the contractors. Colombo city itself will have more than 50 outlets, Paranagama said. A 50kg bag imported by the CCC will be sold at a retail price of Rs. 645 and there would be no price hikes though several cement companies had demanded a price hike beyond the controlled price of Rs. 750.

Paranagama said that the distributors have been requested to check the previous purchasing records of all possible buyers in order to prevent cement hoarding by certain parties. "We have also taken steps not to sell large stocks of 5,000 to 10,000 bags unless it is for the forces or the Road Development Authority," he said.

Responding to a query, Paranagama said that the cement shortage had not severely crippled the construction industry and existing scarcity will soon be addressed once adequate stocks are imported. However, Dr. Rohan Karunarathne of the Ceylon Institute of Builders said that the shortage had caused an estimated loss of income to the industry workers amounting to billions of rupees and so far the construction sector had slowed down to nearly 20 per cent. He warned that if the cement released to the market is of substandard the situation could be even more drastic, resulting in developers facing massive losses. When The Island asked Paranagama for a comment over substandard cement in the market, he declined to comment on the issue.

======================================================================

රේගුවේ ඇස් වසා සිමෙන්ති තොගය පැන්නුවේ කොහොමද?

විශේෂ පරීක්ෂණයක්
ප්‍රමිති සහතිකයක් ලබා නොගත් සිමෙන්ති වෙළෙඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික සමූපකාර මණ්ඩලය පකිස්තානයෙන් ආනයනය කළ සිමෙන්ති තොගයක් ජාතික සමුපකාර මණ්ඩල ගබඩා සඳහා ශ්‍රී ලංකා රේගුව නිකුත් කර ඇතත් ප්‍රමිති සහතිකය නොමැතිව වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර ලබා දී නැත.

ප්‍රමිති සහතිකය ලබාගැනීමට සිමෙන්ති සාම්පල ඉදිරිපත් කර තිබිය දී සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ පවත්වන අතර වෙළදපොළේ තිබෙන්නේ එම සිමෙන්තිම දැයි සොයා බැලීමට ද  ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ වන විටත් කිහිප දෙනකුගෙන් කට උත්තර ලබාගෙන ඇතැයි ද ලංකා රේගුව අවසර ලබා නොදුන් සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කර ඇත්නම් ඒ සම්බන්ධව රේගු ආඥාපනතට අනුව නීතිමය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව උසස් නිලධාරියකු පැවැසීය.

http://www.dinamina.lk/2011/08/17/_art.asp?fn=n1108174

No comments:

Post a Comment