Thursday, August 25, 2011

පාරිභෝගික නීති කඩා රු 5000ක් දඩ කයි

කොළඹ දකුණ සමූහ ගාමිණී රූපානන්ද

කල් ඉකුත් වූ මස් මාංශ ආහාර ද්‍රව්‍ය සමඟ එකට ගබඩා කර තැබීම, නිශ්චිත පරිමාවට ශීතකරණය ක්‍රියාත්මක නොකිරීම යන චෝදනාවලට වරද පිළිගත් දෙහිවල ගාලුපාරේ සුපිරි වෙළෙඳසලක ආයතනයේ කළමනාකරුට රුපියල් 5000ක දඩයක් සහ මාස 6 ක අත් හිටවූ සිරදඬුවමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් නියම කරනු ලැබීය.

මෙහිදී සෞඛ්‍යයට ප්‍රතිකාර ලෙස කිරි, බිත්තර, බටර්, චීස්, හා අයිස්ක්‍රීම් ඇතුළු පාරිභෝගික භාණ්ඩ මස් මාංශ සමඟ ගබඩා කර තිබුණු අතර ඒවා විනාශ කිරීමට ද සෞඛ්‍ය නිලධාරීවරුන් හට අවසරය ලබා දුනි.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වසන්ත පුෂ්පකුමාර මහතා විසින් අදාළ චෝදනාවට එම ආයතනයේ කළමනාකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.


http://www.dinamina.lk/2011/08/25/_art.asp?fn=n11082514

No comments:

Post a Comment