Thursday, August 25, 2011

වැසි නොලැබීම නිසා අඛණ්‌ඩව විදුලිය දීම අභියෝගයක්‌

ශිරාන් රණසිංහ

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට තවමත් වැසි නොලැබෙන බැවින් අඛණ්‌ඩව විදුලිබලය ලබාදීමේ අභියෝගය දිනෙන් දින උග්‍ර අතට හැරෙන බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

මෙ වනවිට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය සිඳීයැම නිසා කෘෂිකාර්මික කටයුතුවලට ද අවශ්‍ය ජලය හිඟ වෙමින් තිබෙන බව විදුලිබල මණ්‌ඩලය කියා සිටී.

මේ වනවිට ඩීසල් බලාගාර හා නොරොච්චෝල (මෙගාවොට්‌ 300) ගල් අඟුරු බලාගාරය සහ කෙරවළපිටිය (මෙගාවොට්‌ 300) යන බලාගාරවලින් ලබාදෙන බැවින් දැනට ගැටලු සහගත තත්ත්වයක්‌ නැති වුවද තවදුරටත් ජලාශ සිදී ගොස්‌ ප්‍රධාන තාප විදුලි බලාගාරවල කිසියම් දෝෂයක්‌ ඇති වුවහොත් බරපතල විදුලි අර්බුදයක්‌ ඇතිවීම වළක්‌වාලිය නොහැකි යෑයි ද විදුලිබල බණ්‌ඩලයේ ඉංජිනේරුවරු පෙන්වා දෙති.


http://www.divaina.com/2011/08/25/news16.html

No comments:

Post a Comment