Saturday, August 20, 2011

කසළ තේ සැබෑ තේ කුඩුවලට කලවම් කර බෙදාහැරි කර්මාන්ත ශාලාවක්‌ වටලයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කසළ තේ සැබෑ තේ කුඩුවලට කලවම් කර දිවයින පුරා පිහිටි විවිධ වෙළෙඳසල්වලට බෙදාහැරි ග්‍රෑන්ඩ්පාස්‌, තොටළඟ ප්‍රදේශයේ කර්මාන්තශාලාවක්‌ පෙරේදා (18 වැනිදා) රාත්‍රි වැටලූ කොළඹ උතුර කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකය, කසළ තේ කිලෝග්‍රෑම් 2714 ක්‌ සමඟ ජාවාරම්කරුවකු අත්අඩංගවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ හතකට අධික බව එම ඒකකය පවසයි.
මීට අමතරව මෙහිදී කසළ තේ සැබෑ තේවලට මිශ්‍ර කිරීමට භාවිත කළ ලීවලින් සාදන ලද සවල් හතරක්‌ ද සල්ලඩ තුනක්‌ ද, ඉලෙක්‌ට්‍රොනික්‌ තරාදි දෙකක්‌ ද ඇතුළු තවත් භාණ්‌ඩ එම ඒකකය භාරයට ගෙන ඇත.
සැකකරුගේ කර්මාන්තශාලාව පරීක්‍ෂාවට ලක්‌කිරීමේදී අදාළ කසළ තේ මලුවල බහා තිබූ බව ද එම ඒකකය කියයි.
කසළ තේ ජාවාරම්කරුවන්ගෙන් කසළ තේ තොග වශයෙන් ලබාගන්නා සැකකරු පසුව ඔහුගේ කර්මාන්තශාලාවේදී සැබෑ තේවලට මුසුකර දිවයින පුරා ඇති විවිධ වෙළෙඳසල්වලට බෙදාහැර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.
සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නියෑළී ඇතැයි ද හෙළිවිය.
කොළඹ උතුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ උතුර කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ශාන්ත ජයලත් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන්වරුන් වන ප්‍රේමදාස, රංජිත්, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන දුමින්ද, පත්මසිරි යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

http://www.divaina.com/2011/08/20/news24.html

No comments:

Post a Comment