Friday, August 26, 2011

ජාතික පුෂ්පය ගැන නිවැරැදිව කියන්න විද්වත් කමිටුවක්‌

සිරිමන්ත රත්නසේකර

විවාදයට තුඩු දී ඇති මෙරට ජාතික පුෂ්පය නිල් මානෙල්ද? මානෙල් ද? යන්න නිවැරැදි තීන්දුවකට එළැඹීම සඳහා පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා විශේෂ විද්වත් කමිටුවක්‌ පත් කර ඇත.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුව විද්වතුන් දස දෙනකුගෙන් සමන්විත වේ.

මෙරට ජාතික පුෂ්පය ලෙස තද නිල් පැහැති නිල් මානෙල් මල භාවිත කළද මෙරට ජාතික පුෂ්පය ළා නිල් පැහැයෙන් යුත් සුදට හුරු මානෙල් මල ලෙස 1986 දී කැබිනට්‌ මණ්‌ඩලය තහවුරු කර ඇත.

ඒ අනුව පැනනැඟී ඇති ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ඉහත විද්වත් කමිටුව කටයුතු කරනු ඇති අතර එම කමිටුව මේ වනවිට ඒ සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම විශේෂ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් සැදුම්ලත් පරිපාලන කමිටුවක්‌ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව කැබිනට්‌ සංදේශයක්‌ මගින් යෝජිත පුෂ්පය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


http://www.divaina.com/2011/08/26/news09.html

No comments:

Post a Comment