Wednesday, August 24, 2011

බලපත්‍රයක්‌ නැතිව ප්‍රවාහනය කළ අලි පැටවාගේ හිමිකරුට එරෙහිව නීති පියවර

ජගත් කණහැරආරච්චි, සිරිමන්ත රත්නසේකර

බලපත්‍රයක්‌ නොමැතිව නීතිවිරෝධීව හා හිංසාවන ආකාරයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී පෙරේදා (22 දා) පිටකෝට්‌ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ අලිපැටවාගේ හිමිකරුවන්ට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බව වනජීවි දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ zzදිවයිනZZ ට පැවැසීය.

රථවාහන තදබදයක්‌ පැවති මොහොතක මෙසේ ලොරි රථයක නංවාගෙන හිංසාකාරී අන්දමින් රැගෙන ගිය අලි පැටවා පරිසර ක්‍රියාකාරීන් කණ්‌ඩායමකගේ මැදිහත්වීම මත වැලිකඩ පොලිසියට භාරදී තිබූ නමුත් එම අවස්‌ථාව වන විටත් මෙම රථයේ අලි පැටවා ප්‍රවාහනයට අදාළව බලපත්‍රයක්‌ තිබී නැත.

එහෙත් මෙම අලියාට බලපත්‍රයක්‌ ඇතැයි යන ආරංචිය මත වැලිකඩ පොලිසිය මගින් පැටවා නිදහස්‌ කර ඇතත් වහා මැදිහත් වූ පරිසරවේදීහු අලිපැටවා සමඟ මෙම ලොරි රථය වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් කළහ. එහිදී දිගින් දිගටම කරන ලද ප්‍ර්‍රශ්න කිරීම්වලදී අලි පැටවා කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රකට විහාරස්‌ථානයක සිට නාරාහේන්පිට ප්‍රදේශයේ තවත් ප්‍රකට විහාරස්‌ථානයකට රැගෙන යමින් සිටි බවට අනාවරණය වී තිබේ.

රොනල්ඩ් නමැත්තකු විසින් ඉදිරිපත් කරන ලද බලපත්‍රයක්‌ අනුව ඊයේ (23 දා) අලි පැටවා අදාළ කොළොන්නාව විහාරස්‌ථානයට නැවතත් භාරදුන් බවත් බලපත්‍රයක්‌ නොමැතිව ප්‍රවාහනය හා හිංසාකාරී බවට අදාළව නීතිය ක්‍රියාත්මක කරන බවත් වනජීවී නිලධාරීහු ප්‍රකාශ කරති.


http://www.divaina.com/2011/08/24/provin01.html

No comments:

Post a Comment