Tuesday, August 30, 2011

රෝගීන් 16,551 ක්‌ පිළිබඳ වාර්තා වෙයි - මාස 8ට ඩෙංගුවලින් 121 දෙනෙක්‌ මියයති

ඒමන්ති මාරඹේ

මෙම වසරේ ගත වූ මාස 8 ක කාලයේදී ඩෙංගු රෝගීන් 16,551 දෙනකු දිවයිනෙන් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගීන් 121 දෙනකු මියගොස්‌ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ හා ඩෙංගු මරණ වාර්තා වී ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වන අතර එම දිස්‌ත්‍රික්‌කයෙන් ඩෙංගු රෝගීන් 6563 දෙනකු හා ඩෙංගු මරණ 58 ක්‌ වාර්තා වී තිබේ. මෙයට අමතරව ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් ඩෙංගු රෝගීන් 2504 දෙනකු හා ඩෙංගු මරණ 18 ක්‌ වාර්තා වී තිබේ.

ජුලි - අගෝස්‌තු මාසවලදී මෙතෙක්‌ ඩෙංගු රෝගීන් 6255 දෙනකු වාර්තා වී ඇති බව වසංගත රෝග අංශය පවසයි. මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාව සමඟ රෝගය නැවත හිස එසවීමේ අවදානමක්‌ පැවතීම නිසා තම නිවස හා ගෙවත්තේ ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන විනාශ කර දමා ශුද්ධ පවිත්‍රව තබාගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.


http://www.divaina.com/2011/08/30/news01.html

==================================

ඩෙංගු මඬින්න බී.ටී.අයි. කැට

සන්ධ්‍යා කරුණාරත්න

ඩෙංගු මර්දනය කිරීම සඳහා බී. ටී. අයි. බැක්ටීරියාව යෙදුමට නව ක්‍රමයක් මෙරටට හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි.

මදුරු මර්දනය සඳහා බී. ටී. අයි. දියරය වෙනුවට ඝන කැට වර්ගයක් හඳුන්වාදීම මෙහිදී සිදුවේ. රුපියල් මිලියන 15ක් වැය කරමින් කැට 45,000ක් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකාවෙන් ගෙන්වා ඇති බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂ අමල් ද සිල්වා මහතා පවසයි.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර ලබන සතියේ දී දෙහිවල මහ නගර සභාවෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මේ බී. ටී. අයි. කැටයක් වැහි පිහිල්ලකට හෝ මදුරුවන් බෝවිය හැකි වෙනත් ස්ථානයකට බහා තැබීමෙන් මදුරු කීටයන් බෝවීම වැළැකෙන බවත් මේ කැටයක් මාසයක් පමණ සක්‍රීයව පවතින බවත් ඒ මහතා පැවැසීය.

මදුරු ඝනත්වය අඩු කර ගත හැකි මෙය සාර්ථක ක්‍රමයක් බවත් වෛද්‍ය අමල් මහතා කීය.

http://www.dinamina.lk/2011/08/30/_art.asp?fn=n1108305

No comments:

Post a Comment