Wednesday, August 24, 2011

පෙතිඩීන් දියර කුප්පි ලක්‍ෂ 3 ක්‌ ගෙන්වීමට හවුල් නිලධාරීන් හඳුනාගෙන නෑ

ඒමන්ති මාරඹේ

වසර 2009 දී කල් ඉකුත් වීමෙන් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කෙරුණු "පෙතිඩීන්" නමැති වේදනා නාශක එන්නත් දියර කුප්පි තුන් ලක්‍ෂයක පමණ තොගයක්‌ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මෙතෙක්‌ හඳුනාගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරිවරයෙක්‌ "දිවයින" ට පැවසීය.

අදාළ වේදනා නාශක එන්නත් දියර කුප්පි තොගය මේ වන විට වෛද්‍ය සැපයුම් අංශ ගබඩාවල තැන්පත් කර ඇති අතර එම තොගය පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා විසින් පවත්වනු ලැබූ පරීක්‍ෂණද මාස ගණනාවකට පෙර අවසන්ව තිබේ.

පරීක්‍ෂණවලින් මෙම සිද්ධියට වගකිවයුත්තන් හඳුනාගෙන ඒ පිළිබඳව තොරතුරු දුන් පසු ඔවුනට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව එම නිලධාරියා කීවේය.


http://www.divaina.com/2011/08/24/news15.html

No comments:

Post a Comment