Tuesday, August 23, 2011

ඇඹිලිපිටිය රෝහලේ ඕපීඩී : ක්‌ලිනික්‌ ඇරේ

සේවක හිඟය මඟ හැරේ

ඒමන්ති මාරඹේ

කණිෂ්ඨ සේවක හිඟය මත ඉකුත් 07 වැනිදා සිට වසා දමා තිබූ ඇඹිලිපිටිය මූලික රෝහලේ බාහිර රෝගී අංශය (ඕපීඩී) හා සායන (ක්‌ලිනික්‌) ගොඩනැඟිල්ල එම සේවක හිඟය මඟහැරවීමට පියවර ගැනීමත් සමගම ඊයේ (22 දා) නැවත රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා විවෘත කෙරුණු බව එම රෝහල් ආරංචිමාර්ග පැවසීය. සබරගමුව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කණිෂ්ඨ සේවකයන් 20 ක්‌ පමණ රෝහලට අලුතින් ලබාදීමට පියවර ගැනීමත් සමගම ඇඹිලිපිටිය මූලික රෝහලේ බාහිර රෝගී අංශය හා සායන යථා තත්ත්වයට පත්වූ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2011/08/23/news10.html

No comments:

Post a Comment