Sunday, August 21, 2011

Dengue Update: 21 August

දෙහිවලට, කොළොන්නාවට බී.ටී.අයි. බැක්‌ටීරියා පෙති

නෝමන් පලිහවඩන


පෞද්ගලික අංශයක්‌ මගින් ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ බී.ටී.අයි. මදුරු නාශක බැක්‌ටීරියාව ලබන සතිය තුළ දෙහිවල සහ කොළොන්නාව යන ප්‍රදේශ තුළ හඳුන්වාදෙනු ලබන බව බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.
මෙම බැක්‌ටීරියා 45,000 ක ප්‍රමාණයක්‌ මුලින්ම මිලට ගෙන ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් මගින් දෙහිවල සහ කොළොන්නාව ප්‍රදේශයන්හි බෙදාහරින බව කී වෛද්‍ය හර්ෂ මහතා මෙම එක්‌ බැක්‌ටීරියා පෙත්තක්‌ එක නිවසකට මසක්‌ පරිහරණය කිරීමට හැකි බවද කීය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්පූර්ණ සහාය මේ සඳහා ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment