Wednesday, August 24, 2011

අලි සංගණන ප්‍රතිඵල වෙනස්‌ කරන්නැයි බලපෑමක්‌ නෑ

- වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්

ජගත් කණහැරආරච්චි

අලි සංගණන ප්‍රතිඵල වෙනස්‌ කිරීම සඳහා මෙතෙක්‌ කිසිදු බලපෑමක්‌ සිදුව නැතැයිද, අවසන් සංගණන ප්‍රතිඵල කිසිසේත්ම වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ කවරකුට හෝ නැතැයිද වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ඩී. රත්නායක මහතා "දිවයින" ට පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අවසන් සංගණන වාර්තා වෙනස්‌ කර මෙරට අලි ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ අගයක්‌ ගන්නා බවට පෙන්වීම සඳහා ඇතැමුන් විසින් සංගණන නිලධාරීන්ට බලපෑම් කර ඇති බවට පැතිර යන ආරංචි මාර්ග පිළිබඳව අප කළ විමසීමේදීය.

සංගණනයට අදාළ සියලු මූලික දත්ත තම දෙපාර්තමේන්තුව සතුව ඇති බව ද ඒවා අවශ්‍ය විටෙක තම නිලධාරීන්ට ද විශ්ලේෂණය කළ හැකි බව හෙතෙම පැවැසීය.

අලි සංගණනයේ නිල ප්‍රතිඵල ලබන සතිය වනවිට නිවේදනය කළ හැකි බව ද, තවදුරටත් ප්‍රතිඵල පේරාදෙණිය සරසවිය තුළ විශ්ලේෂණය කරන බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවදුරටත් පැවැසීය.


http://www.divaina.com/2011/08/24/news08.html

No comments:

Post a Comment