Sunday, August 21, 2011

සිගරට් පැකට්ටුවට පිළිකා රූප

සුනිල් දයා අල්විස්

දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය යන කුඩා අකුරින් මුද්‍රිත නිවේදනය වෙනුවට සිගරට් ඉරීමෙන් වැළඳෙන පිළිකා හා හදවත් රෝග නිරූපණය වන චිත්‍ර සටහන් සිගරට් පැකට්වල සටහන් කිරීමේ නීතිය බලාත්මක කිරීමට දුම්කොළ හා මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික අධිකාරිය පියවර ගෙන ඇත.

මේ සඳහා අවශ්‍ය නීතිමය බලතල ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කොට ඇති බව එම අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය.

ජීවක පදනමේ මෙහෙයවීමෙන් පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පළ කෙළේය.

රූපවාහිනි මාධ්‍යයෙන් ද දුම්වැටි හා මත්ද්‍රව්‍ය ඇතුළත් දර්ශනවලදී හිස් කොටු රාමු යෙදීම වෙනුවට දුම්වැටි හා මත්ද්‍රව්‍ය නිසා සෞඛ්‍ය හානිදායක බව සඳහන් කෙටි වැකි යෙදීමට ලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය. මෙරට දුම්පානයට ඇබ්බැහි වී සිටින ජනතාව සියයට සියයකින් මේ අහිතකර ඇබ්බැහි වීමෙන් වළක්වා ගැනීම අරමුණ බව කියා සිටි ෆොන්සේකා මහතා නීතිමය ආවරණය ලැබෙන්නේ නම් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අසීරුවක් මතු වෙතියි තමා නොසිතන බව ද සඳහන් කෙළේය.

http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=aa1108219

No comments:

Post a Comment