නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාගම් 5 කට වාර්තා සපයන්නැයි නියෝග
ඒමන්ති මාරඹේ
වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන අයිස් ක්‍රීම් වර්ග බොහොමයක් නියමිත උෂ්ණත්වයක ගබඩා කර නොමැති බවට ලැබී ඇති තොරතුරු හේතුවෙන් තම අයිස් ක්‍රීම් නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ වාර්තාවක් කඩිනමින් සපයන ලෙසට කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තූව විසින් අයිස් ක්‍රීම් නිෂ්පාදන සමාගම් පහකට නියෝග කර තිබේ.
එසේම තම අයිස් ක්‍රීම් නිෂ්පාදනයන් අලෙවි කරන වෙළෙඳ නියෝජිතයින් හට අයිස් ක්‍රීම් වර්ග ගබඩා කිරීමේදී ශීතකරණයක සෙන්ටිග්‍රේඩ් -18 ට අඩු උෂ්ණත්වයක ගබඩා කර තබන ලෙස උපදෙස් දෙන්නැයි එම නිෂ්පාදන සමාගම්වලින් දැනුම් දී ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා zදිවයිනZට පැවැසීය.
සෙන්ටිග්‍රේඩ් -18 ට වැඩි වූ උෂ්ණත්වයක ගබඩා කර තැබීම හේතුවෙන් වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන අයිස්ක්‍රීම් වර්ගවලින් සියයට 40 ක්ම පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක පවතින බව අනාවරණය වී ඇතැයි වෛද්‍ය කාරියවසම් කීවේය.
ඇතැම් අයිස්ක්‍රීම් අලෙවි කරනු ලබන සුපිරි වෙළෙඳසල් හා වෙළෙඳසල් විදුලිය ඉතිරිකර ගැනීම සඳහා නිතර නිතර ශීතකරණවල විදුලිය විසන්ධි කිරීමද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි කී කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පාරිභෝගිකයින් අයිස්ක්‍රීම් වර්ග මිල දී ගැනීමේදී ඒවා දියරමය හෝ කැටි ගැසුණු ස්වභාවයකින් පවතී නම් මිල දී ගැනීමෙන් වැළකී සිටිය යුතු බව අවධාරණය කර සිටී.
එසේ නියමිත උෂ්ණත්වයක නොතැබීම නිසා දියර හෝ කැටි ස්වභාවයකට පත්ව ඇති අයිස් ක්‍රීම් වර්ගවල විෂබීජ පවා වර්ධනය විය හැකි වීම හෝ ඒවා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක පවතින බව හෙතෙම සඳහන් කළේය.
http://www.divaina.com/2011/08/18/news23.html
No comments:
Post a Comment