Tuesday, August 23, 2011

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය දෙසැ. 31 ට පෙර විවෘත කරනවා

විදුලිබල අමාත්‍යාංශය කියයි

ශිරාන් රණසිංහ

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය දෙසැම්බර් 31 වැනිදාට පෙර විවෘත කිරීමට නියමිතව ඇතැයි විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය පවසයි.

මෙගාවොට්‌ එකසිය පනහකින් සමන්විත මෙම ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්‌ පමණ අවසන් කර ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉහළ කොත්මලේ ආශ්‍රිත ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ බලපෑම මත වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම බලාගාරය ඉදිකිරීම පමා වී තිබූ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැදිහත්වී බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළ බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේය.

මෙගාවොට්‌ තුන්සියයක්‌ මෙම ඉහළ කොත්මලේ බලාගාරය මගින් උත්පාදනය කිරීමට සැලසුම් කර තිබුණ ද පාරිසරික හා දේශපාලන හේතු මත බලාගාරය මෙගාවොට්‌ 150 ක බලාගාරයක්‌ බවට පත් කළ බව ඉදිකිරීම් භාර ඉංජිනේරුවරු සඳහන් කර සිටිති.


http://www.divaina.com/2011/08/23/news20.html

No comments:

Post a Comment