Monday, October 3, 2011

දක්ෂිණ අධිවේගෙ වැඩ කරන චීන ජාතිකයන් දඩයමේ යන බවට චෝදනා

ලංකින්ද නානායක්කාර – ඉමදූව සමූහ

දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා දායකවීමට මෙරට පැමිණ සිටින චීන ජාතිකයන් ආගමික හා සංස්කෘතික සමාජ ගැටලු ඇති වන අයුරින් විවිධ අපචාර සිදුකරන බවට ඉමදුව සම්බන්ධීකරන රැස්වීමේ දී චෝදනා එල්ල විය.

දක්ෂිණ අධිවේගී මගේ සිට වැඩ කරමින් සිටින චීන ජාතිකයෝ මඟ දෙපස නිවෙස් වලට හා ඉඩම් වලට අනවසරයෙන් ඇතුළු වීම, ප්‍රදේශයේ කුඹුරුවල හා ගොඩබිම් වල සැරිසරන අහිංසක සතුන් අල්ලා සතුන් දඩයම් කර ආහාරයට ගැනීම, තලගොයන්, ඉබ්බන්, ගැරඩියන්, දියකඩතිවල සිටින කුඩා මසුන් අල්ලා ගෙන ආහාරයට ගැනීම නිසා ගම්වාසින්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි ඉමදුව ප්‍රාදේශීය ලේකම් ධම්මික වීරකෝන් මහතා කියයි. ග්‍රාම නිලධාරි වරුන් සමෘද්ධි ගොවි නියාමකවරුන්ද, මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි හෙතෙම කියයි.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දන්වා යවා ඇති බවත්, ඉමදුව අහංගම, හබරාදූව, යක්කලමුල්ල, කනන්කේ හා බෝගහගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන් හරහා සතුන් දඩයම් කරන චීන ජාතිකයන් සඳහා නීතිමය පියවර ගන්නා ලෙසට ඔවුන්ට උපදෙස් දුන් බවය.


http://www.dinamina.lk/2011/10/03/_art.asp?fn=n11100310

No comments:

Post a Comment