බුද්ධිකා ඉඹුලාන
මෙම වසර අවසන් වීමට පෙර යාපනයේ ධීවරයිනට ජංගම ශීතාගාර 06 ක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
එහිදී මෙම ජංගම ශීතාගාර සහිත වාහන ධීවර තොටුපොළ වෙතම පැමිණ ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමේ පහසුකම් සැපයෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ද ධීවරයින් සඳහා ද ශීතාගාර පහසුකම් ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකරන අතර, ඉදිරි කාලයේ දී උතුරු නැඟෙනහිර පළාත්වල ධීවර ජනතාව වෙනුවෙන් අයිස් නිෂ්පාදනාගාර ලබාදීමටත් සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා කියයි.
කැනේඩියානු මුල්‍ය ආධාර මත ධීවර කොටුපළ දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් රුපියල් ලක්ෂ 280 ක වියදමින් මුලතිව් දිස්ත්‍රික් ධීවර කාර්යාලය සංවර්ධනය කිරීමද සිදු කෙරුණු අතර කරීටාස් ආයතනයේ අනුග්‍රහයෙන් ධීවර කාර්මිකයන් 26 දෙනකුට එක්දින ධීවර යාත්‍රා 26, එන්ජින් 26 ක් හා දැල් ආම්පන්න කට්ටල 26 ක් ලබාදීමද තමන් සිදුකළ බවද ඇමැතිවරයා පවසයි.
මේ සියලු සංවර්ධන කාර්යයන් තුළින් ධීවර කාර්මිකයාගේ සංවර්ධනය මෙන්ම රටේ සවිමත් කිරීමද අරමුණ බව ද ඇමැතිවරයා කියයි.
http://www.dinamina.lk/2011/10/03/_art.asp?fn=n11100311
No comments:
Post a Comment