පින්නවල සත්ත්ව උද්‍යානයේ ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සඳහා පමණක් වන කොටස 2012 අප්‍රේල් මස විවෘත කිරීමට නියමිත යෑයි සත්ත්ව උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා කීවේය.
ඔහු එසේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දෙවන සත්ත්ව උද්‍යානය සේ සැලකෙන පින්නවල සත්ත්ව උද්‍යාන භූමියේ පෙරේදා (29 දා) සිදුකළ නිරීක්‍ෂණ චාරිකාවකදීය.
දශක හතරකට ආසන්න ඉතිහාසයක් ඇති පින්නවල අලි අනාථාගාරය යාබදව වාගොල්ල රජයේ ගොවිපළට අයත් බිම් කොටසක මෙම සත්ත්ව උද්‍යානය ඉදිවේ.
විවිධ වකවානු වල මෙහි ඉදිකිරීම් ඇනහිටි අතර වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සත්ත්ව උද්‍යාන ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අදාළ පාර්ශ්වවලට උපදෙස් දී තිබිණි.
අක්‌කර 48 කින් සමන්විත පින්නවල සත්ත්ව උද්‍යානයේ පළමු අදියර ලබන අප්‍රේල් මස විවෘත වීමෙන් පසු එය මුළුමනින්ම ශ්‍රී ලංකාවට ආවේණික සතුන් ප්‍රදර්ශනය කිරීමට සහ ශ්‍රී ලංකාවට ආවේණික සතුන් සංරක්‍ෂණය කිරීමට වෙන්කෙරෙන බවද ඔහු කීවේය.
එම පළමු අදියර යටතේ අභ්‍යන්තර මාර්ග කිලෝ මීටර 4.2 ජල සම්පාදනය, පරිපාලන ගොඩනැඟිලි, සත්ත්ව ආහාර ගබඩා, සතුන් රඳවන ස්‌ථාන, විශේෂයෙන් පින්නවලට පමණක් ආවේණික දිවියන් නිදැල්ලේ හැසිරෙන දිවි අරණ ආදී ඉදිකිරීම් සියයට 90 ක් පමණ අවසන්ව ඇති අතර පළමු අදියරට වැයකරන මුදල රුපියල් ලක්‍ෂ 600 ක් වේ.
මෙහි දෙවන අදියර යටතේ ශ්‍රී ලාංකීය නොවන සතුන් සඳහා කලාපයට අවශ්‍ය ඉඩකඩම් මේ වන විට අත්පත් කරගෙන අවසන් බව ද ගුණරත්න මහතා කීවේය.
වැඩ අවසන් වූ පසු අක්‌කර 100 කින් සමන්විත මෙම සමස්‌ත සත්ත්ව උද්‍යාන ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.
- ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2011/10/03/news19.html
Pinnawala Zoo: Endemic Animal zone opens in April 2012
Ishara Mudugamuwa
Endemic Animal Zone of the Pinnawala Zoological Gardens will be opened for the public from April, 2012, Pinnawala Zoological Garden Director General Bhashwara Senaka Gunaratne said.
Different species of endemic animals would be on display in this zone and other animals such as tigers, giraffes would also be displayed in the foreign zone. The government has already taken over lands for the foreign zone which is the second phase of the project, he said. The Director General also said that the Pinnawala Zoological Gardens is Sri Lanka’s second Zoological Garden and it is located near the Pinnawala Elephant Orphanage. The government is expected to complete the project in two stages.
It is estimated to cost around Rs. 2,500 million and Rs 60 million were spent on the first phase of the project.
Several job opportunities will be generated through this project and it will make a huge contribution for the tourism industry’s development, he said.
http://www.dailynews.lk/2011/10/03/news28.asp
No comments:
Post a Comment