මඩ කුඹුරු අක්‌කර හාර දහසකට වඩා යල මහ දෙකන්නය අස්‌වද්දන වේලි ඔය ගොවි ව්‍යාපාරයේ ගොඩ ගොවිතැන් කරන ඉඩම් ප්‍රමාණය අක්‌කර හාරදහසද ඉක්‌මවයි. වේලි ඔය ව්‍යාපෘතිය මගින් ප්‍රධාන වැව් විසිහතක් පමණ පෝෂණය වේ. ප්‍රධාන වශයෙන් වේලි ඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන් ඔය, දෙමටආර, වේලිඔය, පතහ ඔය යන ප්‍රධාන ජල මාර්ගවල පෝෂක ප්‍රදේශ වන සොරගුණේ වනාන්තරය තුළ අක්‌කර හයසිය විසි අටක කැලෑ ඉඩම් එළිපෙහෙළි කර හෝටල් ව්‍යාපාරයකට හා ගොල්ෆ් පිටියකට පවරා දීමේ කටයුතු මේ වන විට සිදු කර හමාරය. මෙම අක්‌කර 628 ක ඉඩම පවරා දී ඇත්තේ රුපියල් මිලියන හයක් පමණ මුදලකටය. රජයෙන් මිලියන 850 ක් පමණ වැයකොට ගොඩනඟන ලද වේළිඔය අමුණ ව්‍යාපාරය ද මෙම නිසා අසාර්ථක වනු ඇත.
මෙමගින් ගොවි පවුල් දහස් ගණනාවක් ජීවිතය සරි කරගන්නා අතර පානීය ජලය ආදී තම එදිනෙදා සියලු ජල අවශ්‍යතා ද සපුරා ගනුයේ මෙමගිනි. වේලිඔය ව්‍යාපාරය සඳහා ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන සොරගුණේ වනාන්තර ඉඩම් තුළ අරළු, බුළු, බුරුත, නෙල්ලි, ගම්මාළු කහට වැනි ඉතා වටිනා ශාක ද ඌව මැන්ඩොරා නමැති මෙම ප්‍රදේශයට පමණක් සීමා වූ ඉතා දුර්ලභ ශාක විශේෂ ද දැකගත හැකි අතර මෙම පරිසර පද්ධතිය ප්‍රදේශයේ ජල උල්පත් ආරක්‍ෂා කරන එකම වනාන්තර ප්‍රදේශයයි. තවද උඩවලව හා ගල්අමුන යන ව්‍යාපාරයන් ද මෙම ජලයෙන් පෝෂණය වනු ලබයි.
එයට අමතරව උඩවලව බෝගහපට්‌ටිය යා කරන සාම්ප්‍රදායික අලිමංකඩ වැටී ඇත්තේ ද මෙම සොරගුණේ වනාන්තරය තුළින්ය. ජෛව විද්‍යාත්මකව ඉහළ වටිනාකමක් ඇති සොරගුණේ වනාන්තරය කපා හෝටල් සහ ගෝල්ෆ් ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා 2011-04-11 දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂවරයකු විසින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අවසරය ඉල්ලා ඇත.
සොරගුණේ වනාන්තරය සතු ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා සොරගුණේ දේවාල සතු රාජකාරි ඉඩම් ලෙස දැනට පවතින අතර එය වේලිඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජලපෝෂිත ප්‍රදේශය ද වේ. 1931 අංක දහනවය දරන විහාර දේවාලගම් ආඥ පනතට අනුව විහාරය හෝ දේවාලය සතුව ඇති රාජකාරි ඉඩම්වලින් එම පූජනීය ස්‌ථානවලට නිල පංගුව ඉටු නොවන්නේ නම් පමණක් එම ඉඩම් වෙනත් අයවළුනට පවරා දිය හැකි නමුදු වැසියන් විසින් දේවාලය සතු අනූනවයක් වූ රාජකාරි ඉටු කරමින් සිටියදී සිය මඬිය තර කරගැනීම උදෙසා පරම්පරා උරුමයන් නසමින් සොරගුණේ කුඩා කතරගම දේවාලය සතු වනාන්තර ඉඩම් බෙරගල ගොල්ෆ් රිසෝට් නමැති හෝටල් ව්‍යාපෘතිය හා ගොල්ෆ් පිටි ඉදිකිරීම සඳහා ඇල්ෆා ඇන්ඩ් ඔමෙගා ප්‍රයිවට් ලිමිටඩ් අංක 65, ධර්මපාල මාවත, කොළඹ 07 යන ආයතනය වෙත ලබාදී ඇත. මෙම අවසරය ලැබෙන්නේ වාසු රාසයියා නමැති ඇමරිකාවේ පදිංචි පුද්ගලයාගේ හෝටල් දොළදුක නිවීම සඳහාය.
සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ජනක රවීන්ද්‍ර කළුපහන විසින් දේවාලයේ නිල රාජකාරි ඉටු කරමින් සිටින වැසියන් පාරට ඇද දමා ඇමරිකානුවන්ගේ මනදොල පිනවීම සඳහා මෙම ව්‍යසනයට කටයුතු කරමින් සිටී. සොරගුණේ දේවාලයේ බස්‌නායක නිළමේගේ අවසරය පරිදි වාසු රාසයියා නමැත්තාගේ බෙරගල ගොල්ෆ් රිසෝට් හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීමට යැමෙන් පරිසරයට හා වේලිඔය ව්‍යාපෘතියට සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබඳ ඌව පළාත් සභා මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ වෙත 2011-07-04 දින කොටවෙහෙරමංකඩ කණ්‌ඩියපිට, අලුත්වැව, හම්බෙගමුව යන ග්‍රාමසේවා වසම්වලට අයත් ගම්මාන 35 ක පමණ ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීමේ අවශ්‍යතා පැහැදිලි කරමින් වේලිඔය ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ලිපියක් භාරදී ඇත. පසුව එම ප්‍රදේශයේ දිස්‌ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම කරුණු පිළිබඳ දැනුම් දී වේලිඔය ජලපෝෂක ප්‍රදේශය ආරක්‍ෂා කර හෝටල් හා ගොල්ෆ් ක්‍රීඩාංගණය ඉදිකිරීම වළක්‌වාලන ලෙස ඉල්ලා සිටිය ද මෙය වළක්‌වාලීමට කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැත.
මිනිසුන් දහස් ගණනක් ගොවිතැන් බතින් තම ජීවිතය ආරක්‍ෂා කරගන්නා වේලිඔය ප්‍රදේශයට ජලය ලබාගැනීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති අතර ප්‍රදේශයේ තිබෙන පුරාණ වැව් විසිහත ද පෝෂණය වන්නේ කාල්කන්ඔය, වේලිඔය වැනි ජල ධාරාවන්ගෙන්ය. එම ජල මූලාශ්‍ර පෝෂණය කරන සොරගුණේ වනාන්තරය විනාශ කිරීම ගම්මාන තිස් පහක පමණ ජනතාවගේ ජීවන ආර්ථික, සමාජයීය හා සංස්‌කෘතික වශයෙන් අස්‌ථාවර වනවාට නිසැකය. එමෙන්ම මෙම ප්‍රදේශය දිය බිඳක් නොමැති ප්‍රදේශ බවට පත්වීමට බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය විශාල බලපෑමක් වනු ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අදහස වන්නේ බෙරගල ගොල්ෆ් රිසෝට් හෝටල් ව්‍යාපෘතිය මගින් වනාන්තර ඉඩම් විනාශ වී යැම ප්‍රදේශයේ ජල හිඟයකට හේතුවන බවයි. මේ වන විට සොරගුණේ වනාන්තරය තුළ ඉදිකිරීමට නියමිත බෙරගල ගොල්ෆ් රිසොට් හෝටල් ව්‍යාපෘතිය නීත්‍යනුකූල ලෙස තහනම් විය යුතු අදියරට පැමිණ ඇති නමුත් මේ වන විටත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදුවෙමින් පවතී.
දහස් ගණනක් ගොවි ජනතාවගේ ජීවිත මහපාරට ඇදදමින් ඇමරිකානුවන්ට ගොල්ෆ් ගැසීමට පිට්‌ටනි සකස් කිරීම කෙතරම් අසාධාරණ ද යන වග වටහා ගත හැක්‌කේ බත් කන මිනිසුන්ට පමණකි. ඩොලර් කුට්‌ටිවලට යටවෙමින් වේලිඔය ගොවි ව්‍යාපාරයේ ගොවි ජනතාවගේ ජීවිත උගසට තැබීම නවතා දැමිය යුතු කාලය පැමිණ ඇත. සුළු ආර්ථික වාසි තකා තම වරිගයේ උන් ඇමරිකානුවන් ඉදිරිපට දණ ගැස්‌සවීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වී සොරගුණේ වනාන්තර ඉඩම් ආරක්‍ෂා කර පරිසරය සුරක්‍ෂිත කිරීමත් දහස් ගණනක් වූ ගොවි පරපුරේ උරුමය සුරැකීමත් දේශයට සෙනෙහේ දක්‌වන අප සැමගේ යුතුකම නොවන්නේද?
රවීන්ද්‍ර කාරියවසම්
http://www.divaina.com/2011/10/02/feature15.html
No comments:
Post a Comment