පොලොන්නරුව අභය භූමිය නූතනයේ මස් වැද්දන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබෙන බැව් කනගාටුවෙන් වුවද ලියා තැබිය යුතු කාරණයකි.
රජවරුන් ගණනාවක් රජකම් කළ ඉපැරැණි රාජධානිය කේන්ද්‍රකොට පිහිටා තිබෙන පොලොන්නරුව අභය භූමියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් රජකම් කරනුයේ වන අපරාධකරුවන්ය. මස් වැද්දන්ය. අදින් සියවස් තුන් කාලකට පමණ ඉහතදී ප්‍රකාශයට පත් කෙරුණු පොලොන්නරුව අභය භූමිය ප්‍රමාණයෙන් අක්‌කර හාර දහසකට (4000) ආසන්නය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් දැන් මෙම වන පෙත අක්‌කර 400 කටත් වඩා අඩු බිම් කඩකට සීමාවී තිබේ.
අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් මුල් අවදියේ අලි ඇතුන්, දිවියන්, වලසුන් වැනි සතුන් පවා මෙහිs සුලබව සිටි බව කියති.
වියළි කලාපයට ආවේණික තුරුලතාවන් ගෙන් සැදුම් ලත් වන වඳුල තුළ මුවන්, ඌරන්, මීමින්නන්, රිලා, වඳුරු ආදී සත්ව විශේෂ මෙන්ම අලංකාර පක්‌ෂීන් විශාල ප්‍රමාණයක්‌ද වෙසෙන බැව් අපි දනිමු.
එපමණක් නොව සුවහසක් ජනතාවගේ වන්දනීය, පූජනීය, බෞද්ධ සිද්ධස්‌ථාන වන ඓතිහාසික ගල් විහාරය, කිරි වෙහෙර, රන්කොත් වෙහෙර, වටදාගෙය, මෙන්ම ශිව දේවාල වැනි හින්දු ආගමික සිද්ධස්‌ථාන වලට සහ මෙම ඉපැරැණි බිමේ අමිල පුරාවිදු ස්‌මාරකවලටද නිරතුරු සෙවණ සදනු ලබන්නේ මෙම සුවිශේෂී වන වැස්‌ම මගිනි.
අප ඉහතින් සඳහන් කළ පුළුල් පරාසයක විහිද ගිය අභය බිම දැන් සීමිත බිම් කඩකට සීමා වීත් එයට එල්ල වන තර්ජන, හිරිහැර අඩුවක් වී නැත. නොයෙකුත් අන්දමේ ජාවාරම් සඳහා අභය භූමිය ගොදුරු කරගන්නට බොහෝ දෙනා මාන බලමින් සිටිති. ගහ කොළ කපා දමා, සතා සීපාවා පලවා හැර ඒ තුළ කොන්ක්‍රීට් වනාන්තර තනන්නට කැස කවමින් සිටින පිරිස බලවත්ය. අභය භූමියේ සලකුණු වී තිබෙන මායිම් පවා දැන් ගැලවෙමින් තිබේ. බොහෝ තැන්හි වැට කඩොලුද නැත. අභය භූමියක් බවට සඳහන් පුවරු වුවමනාවෙන්ම ගලවා විසී කොට ඇත. අභය භූමියක පැවතිය යුතු ක්‍රියා පිළිවෙත් වල් වැදී මස් වැද්දන්ගේ කැලෑ නීතිය මෙහි කිරුළු පැළඳ තිබේ. මහ දවල් පවා කැලෑ වනසන සතුන් දඩයමේ යන පිරිසකගේ පාරාදීසයක් බවට පොලොන්නරුව අභය භූමිය පහත් තත්ත්වයට පත්ව තිබීම ඉතාමත්ම දුක්‌ඛදායකය. පෙරදින රාත්‍රියේ දඩයක්‌කරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්‌ව දිවි තොරවූ මුවැත්තියකගේ සහ අං තට්‌ටුවක් සහිත විශාල මුවෙකුගේ මළ සිරුරු ඉපැරැණි රංකොත් වෙහෙරට නුදුරුව තිබී හමුවුණේ ගෙවුණු ආසන්න දිනෙකදීය. රුදුරු වෙඩි උණ්‌ඩවලට දිවි පුදා හෝ වෙනත් මර උඟුල් වලට හසුවී මර ළතෝනිදී මළවුන් අතරට යන අහිංසක මුව පොව්වන්ගේ ගණන දිනපතාම ඉහළ යමින් තිබේ.
මුව මසෙහි හෝ වෙනත් වන සතකුගේ මසෙහි රස බලන්නට ලොල්වූ පිරිස් පොලොන්නරුව අභය භූමිය තෝරා ගැනීම දැන් සුලබ සිරිතකි. එපමණට නිදන් හොරුන් කැලෑ පාළුවන්ද පුරාවිදු ස්‌මාරක මැදිකර ගත් අභය භූමියේ මහ දවල් පවා කරක් ගසන බව නොරහසකි. අභය භූමිය තුළත් ඉන් පිටතත් වෙසෙන බොහෝ පිරිසකට නිවෙස්‌හි එදිනෙදා අවශ්‍යතාවන් සඳහා දර සහ අනෙකුත් ලී දඬු ආදිය සපයා ගනු ලබන්නේ මෙම කැලෑ තීරයෙන්ම බව ඉතා ප්‍රකටය. නොදැන නොව දැන දැනම සියලු දෙනා විසින් සිදු කරනු ලබන අපරාධ මැඬලීම සඳහා ක්‍රියාත්මක වන කිසිදු පුද්ගලයකු හෝ ආයතනයක් පෙනෙන්නට නැත.
පුරාවිදු ස්‌මාරක රකින්නට නීතියෙන් බැඳී සිsටින එම දෙපාර්තමේන්තුවේ කාර්යාලවල කාර්ය මණ්‌ඩල මෙම සියලු අපරාධ නීතිපතා දෑහින් දකිති. සංස්‌කෘතික ත්‍රිකෝණය නම්වූ ආයතනයටද රැක්‌මෙහි වගකීමක් ඇති බවක් පැවැසෙන නමුදු එහි වගකිවයුත්තන් කාරියකරවන උදවිය කිසිවක් නොදකින ලෙසින් හැසිරෙති. මෙම දෙපිරිසටම ගහ කොළ, සතා සීපාවා තබා එහි තිබෙන පුරා වස්‌තූන් පවා හරි හැටි රැකගන්නට බැරි බව ඉතාමත් සුප්‍රකට කාරණයකි.
පොලොන්නරුව අභය භූමිය සියලු නරුම නස්‌පැත්ති සිද්ධ වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ මෙම ඉසව්වේ බලධාරීන්ගේ දෑස් අබිමුව බව මෙහි ලියා තැබිය යුතුය. සිය ආයතන වෙත සෘජුවම පැවැරුණු වගකීම් රාජකාරි මෙලෙස අමුඅමුවේ උල්ලංඝනය වන බව නොපෙනේදැයි වනජීවී නිලධාරීන්ගෙන් මස් වැද්දන්, කැලෑ පාලුවන්, බේබද්දන්, සල්ලාලයන් පොලොන්නරුව
ඉපැරැණි පුද බිම කේන්ද්‍ර කොටගත් මෙම වන වියන මෙලෙස කිලිටි කරන බැව් රටට හෙළිදරව්වන්නේ පළමු වතාවට නොවේ.
රකින්නට බලය පැවැරණු බොහෝ වගකිව යුත්තන් සියලු විනාශ හමුවේ මුනිතව රැක්‌මේ මුග්ධ පිළිවෙතක පිහිටා කටයුතු කිරීමේ අනිටු ප්‍රතිවිපාක දෑස් හමුවේ දිග හැරෙමින් තිබේ.
පොලොන්නරුව අභය භූමිය යනු මෙරට මුල් වටයේ ප්‍රකාශිත අභය භූමි අතුරින් දිගු ඉතිහාසයක් උරුම කර ගත්තකි. එහෙයින් එය මතුවට ද රැක ගැනීම අප සතු යුතුකම්, වගකීම් අතර ඉදිරියෙන්ම වන බැව් අමාරුවෙන් කිවයුතු නොවේ. එසේ වුවද නෙතු ගැටෙන මායිමේ පවා සිටින වනජීවී නිලධාරීන් පොලොන්නරුව අභය භූමියේ මස් වැද්දන්, කැලෑ පාළුවන් රිසිසේ හිටි පිනුම් ගසද්දී ඊට එරෙහිව නීතිය ක්‍රියාවේ යොදවන්නට මැලි වන්නේ මන්දැයි විමසිය යුතුව තිබේ.
එමෙන්ම මෙහි පිහිටුවා තිබෙන පොලිස් මුරපළේ රාජකාරි කරන නිලධාරීන් මෙම අපරාධ නොදකින්නේ ඇයි දැයි නොවිමසා බැරිය. පොලොන්නරුව- හබරණ මහා මාර්ගයට මායිම්ව පරාක්‍රම සමුද්‍රයේ වෑකන්දට පහළින් පිහිටි බිම් කඩද මෙම අභය භූමියේ සුවිශේෂී කොටසකි.
මහ පැරකුම්බා, නිශ්ශංකමල්ල වැනි රජදරුවන්ගේ රාජකීය උද්‍යානයක් ලෙසින් සැලකෙන ඉපැරණි "දීප උයන" ආශ්‍රිතව මෙම පෙදෙස වාහනවලින් පැමිණෙන නම්බුකාර බේබද්දන්ගේ ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබේ.
වනජීවී අභය භූමියේ අනන්‍යතාව පවා මේ වන විට අහිමි වෙමින් පවතින අතර එහි වැටකඩොලු පවා ගලවා දමා තිබෙන අයුරු දැක ගත හැකිය. දැනට ඉතිරිව ඇත්තේ මළකඩ කෑමට ලක්‌වූ පැරැණි බෝඩ් ලෑල්ලක් පමණි.
පොලොන්නරුව අභය භූමියේ වෙසෙන වන සතුන්ට පමණක් නොව අභය භූමියටද අකල් මරණ උරුම වෙමින් තිබෙන බවට එය කදිම නිදසුනකි.
අප රටේ වන සතුන් සඳහා වෙන්වුණු කලාපයන් මෙන්ම මෙහි වෙසෙන සත්ව ප්‍රජාවගේ දිගු පැවැත්ම රැකදීම සඳහා වනජීවී ඇමැතිවරයා කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු.
එසේ නම් පොලොන්නරුව අභය භූමිය තුළ සිදුවන අප්‍රමාණ විපරිත මිනිස් ක්‍රියාකාරකම් පිටුදැක එහි වෙසෙන සතා සීපාවාගේ මෙන්ම ගහ කොළවලද අභය භූමියේද ආරක්‌ෂාව තහවුරු කරන්නට නොපමාව පියවර ගන්නැයි මේ මොහොතේ මතක් කර සිටිමු.
කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2011/10/02/feature19.html

No comments:
Post a Comment