අමල් උඩවත්ත
වසර 2009 ජුනි 09 වැනි දින ලබාගත් කැබිනට් අනුමැතියකට අනුව මෙරට කෘෂි ව්‍යාපාරික සමාගමකටත් පලතුරු නිෂ්පාදනය කරන ලොව විශාලතම ඇමෙරිකානු සමාගමකටත් ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ගොවිබිම් අක්‌කර දහස් ගණනක් බදු දී ඇතැයි රාවයක් පැතිර යයි. මීට අදාළව සොයාගත් කරුණු අනාවරණය කිරීමට ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ජුනි 27 වැනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වී ය.
එහි දී අදහස් දැක්‌වූ එහි වැඩසටහන් නිලධාරී බන්දුරංග කාරියවසම් මහතා "අද වන විට ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් චුන්නක්‌කාඩුව වන රක්‍ෂිතයෙන් අක්‌කර 5000 ක් හා චුන්නක්‌කාඩුව යෝජිත වන රක්‍ෂිතයෙන් අක්‌කර 10000 ක් මේ සමාගම්වලට ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා. මෙයට අමතරව ඇමෙරිකානු සමාගම බුත්තල, කලාඔය, පුත්තලම, ගාල්ල, සෝමාවති යන වනාන්තර ප්‍රදේශවල ඉඩම් අක්‌කර 20000කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට දැන් කටයුතු කරගෙන යනවා.
රජයෙන් ලබාගන්නා මේ ඉඩම්වලට අමතරව සමාගමේ නියෝජිතයන් ගොවීන් රවට්‌ටමින් පෞද්ගලික අවශ්‍යතා සඳහා ඉඩම් මිල දී ගැනීම් සිදු කරනවා. මේ වන විටත් කැවැන්ඩිෂ් කියන අප රටට නො ගැලපෙන කෙසෙල් වගාව ආරම්භ කරලයි තිබෙන්නේ. මේ කෙසෙල් වගාව ආරක්‌ෂා කිරීමට වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් නැති ව විදුලි වැටක් ඉදි කර තිබෙනවා. ඒ වගේ ම එම භූමියට එන අලින් වෙඩි තබා මරා දැමීමත් මේ වන විට සිදු කෙරෙනවා.
මේ ඉල්ලීම වසර 2009 දී සිදු කළ මෙරට කෘෂි ව්‍යාපාරික සමාගමේ ප්‍රධානියකු වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් චුන්නක්‌කාඩුව රක්‍ෂිතයෙන් අක්‌කර 15000ක් ලබා ගැනීමට ගත් උත්සාහය පරිසරවේදීන් ගේ බලපෑම මත අසාර්ථක වුණා. ඒ උත්සාහය තමයි නැවතත් ක්‍රියාත්මක වෙන්නේ. මේ වන රක්‍ෂිතය වනාන්තර වර්ගීකරණයට අනුව රැකගත යුතු යෑයි නිර්දේශ වූ වනාන්තරයක්. මෙහි දී තිබෙන බරපතළ විනාශකාරී සිදුවීම තමයි මේ සමාගම් දෙකේ නියෝජිතයන් ගම්බද ගොවීන් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය පලතුරු වගා කිරීමට විශේෂයෙන් කැවැන්ඩිෂ් කියන කෙසෙල් වර්ගය වගා කිරීමට ගොවීන් පොලඹවා ගැනීමට කටයුතු කිරීම. මේ සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ගොවිජන සේවා මධ්‍යස්‌ථාන භාවිත කරමින් ව්‍යාප්ති සේවා කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ අනුව ගොවියකුට මුදල් දී එම කෙසෙල් පැළ මිල දී ගැනීමට සිදු වන අතර ඒ සඳහා අවශ්‍ය පළිබෝධනාශක මෙන්ම රසායනික පොහොර ද මිල දී ගැනීමට සිදු වනවා. මේ කෙසෙල් ගසක් නඩත්තු කිරීමට රුපියල් 200කට අධික පළිබෝධනාශක ප්‍රමාණයක් යෙදීමට සිදු වනවා. මේ කෙසෙල් ගස් වගා කිරීමටත් නඩත්තු කිරීමටත් විශේෂ පුහුණුවක් දෙනවා. ඒ අනුව ගසක් සම්පූර්ණයෙන් නඩත්තු කිරීමට රුපියල් 500කට වඩා වැය වනවා. දැනට ගොවීන් වගා කරන දේශීය කෙසෙල් වර්ගවල කිසිදු ගැටලුවක් ඇති වන්නේ නෑ, නඩත්තු වියදමක් නෑ. නව කෙසෙල් වර්ග හඳුන්වා දීමෙන් මේ සමාගම් අදහස් කරන්නේ අපේ දේශීය කෙසෙල් වගාව විනාශ කර ඔවුන් ගේ කෙසෙල් වගාව ව්‍යාප්ත කරන්නයි.
මේ නිසා දැනට වගා කරන විවිධ රසයෙන් හා ගුණයෙන් යුත් දේශීය කෙසෙල් විශේෂ 35කට අධික සංඛ්‍යාවක් විනාශ වීම වගේ ම සරු පස පළිබෝධනාශක නිසා විනාශ වෙනවා. මෙයින් අපේ දේශීය කෙසෙල් විශේෂවල සංරක්‍ෂණයක් සිදු වන්නේ නෑ. ගස්‌ලබුවලට සිදු වූ දේ ම සිදු වෙයි යනුවෙන් පැවසී ය.
http://www.vidusara.com/2011/08/03/news4.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Sunday, August 7, 2011
රක්‍ෂිත වනබිම් විනාශ කරන විදේශීය කෙසෙල් වගාවෙන් දේශීය කෙසෙල් වඳ වී යන දවස අත ළඟයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment