Sunday, August 7, 2011

ආහාර පනතට අනුව සහල් වර්ණ ගැන්වීමත් වර්ණ ගන්වා විකිණීමත් බරපතළ වරදක්‌

අමල් උඩවත්ත

පසුගිය දිනක පිටකොටුවේ තොග වෙළෙඳ සලකින් නිවුඩු සහල් ලෙස වර්ණ ගන්වන ලද සහල් විකිණීමක්‌ සම්බන්ධයෙන් එම වෙළෙඳසල් හිමියා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු නීතිමය වශයෙන් කටයුතු කළ බැව් මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.


මේ සිද්ධිය සම්බන්ධව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍යය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුවන් විඡේමුණි ගෙන් විදුසර කළ විමසීමක දී අදහස්‌ දැක්‌වූ ඒ මහතා, "මේ වෙළෙඳසල් හිමියා කර තිබෙන්නේ බරපතළ වරදක්‌. මොකද ශ්‍රී ලංකාවේ ආහාර පනතට අනුව ආහාර නිෂ්පාදනයේ දී නිෂ්පාදන වර්ණ ගැන්වීම සඳහා කෘත්‍රිම වර්ණකාරක භාවිත කිරීමට අවසරයක්‌ නෑ. ස්‌වාභාවික වර්ණකාරක භාවිත කිරීමට පමණයි අවසරය තිබෙන්නේ.


ආහාර පනතට අනුව සහල්වල කවර හෝ වර්ණයක්‌ ගැල්වීම සපුරා තහනම්. මේ නිසා සහල් වර්ණ ගැන්වීමෙන් හා වර්ණ ගැන්වූ සහල් විකිණීමෙන් කර තිබෙන්නේ පාරිභෝගිකයා මුළාවේ දැමීමක්‌. මේ සහල් වර්ණ ගන්වා තිබුණේ ස්‌වාභාවික වර්ණ කාරකයකින් වුවත් සහල් වර්ණගැන්වීම තහනම් නිසා එයත් වරදක්‌. මහජන සෞඛ්‍ය ආරක්‍ෂණ පනත යටතේ මේ වෙළෙන්දාට ඉතා ම දැඩි ලෙස නීතියෙන් කටයුතු කිරීමක්‌ සිදු කෙරනවා ඇති. මහජන සෞඛ්‍යයට ප්‍රබල හානි ඇති වන අයුරින් මෙලෙස මහජනයා මුළාවේ දමන ප්‍රොaඩාකාරී වෙළෙන්දන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාත්මක වීමට අපි පසුබට වෙන්නේ නෑ" යනුවෙන් පැවසී ය.


http://www.vidusara.com/2011/08/03/news3.html

No comments:

Post a Comment