- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
වාරිමාර්ග කේෂ්ත්‍රයට අවශ්‍ය ඉංජිනේරුවරුන් සහ තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයක් පවතින බව වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
මීට හේතුව වෙනත් කේෂ්ත්‍රවල ඉංජිනේරුවරුන්ට වඩා වාරි කේෂ්ත්‍රයේ ඉංජිනේරුවරුන්ට අඩු වැටුපක් හිමි වීම බව ද, හෙතෙම ඉකුත්දා (10) කීවේය.
මෙම තත්ත්වය නිසා බොහෝ ව්‍යාපෘතිවල ප්‍රමාදයන් සිදුවන බවත්, එය වලක්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බවත් ඒ මහතා කීය.
එන්. ඩී. ටී. පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වාරි කේෂ්ත්‍රයට බඳවා ගැනීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් සිටින බව ද සිල්වා මහතා පැවැසීය. රටේ අවශ්‍යතාව තේරුම්ගෙන සිය සේවය නිසි ලෙස ඉටු කරන වාරි ඉංජිනේරුවන්ට සිය ස්තුතිය පිරිනමන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වාරි ඉංජිනේරුවන්ට යම් යම් ගැටලු පවතින බවත්, එය කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවත් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
No comments:
Post a Comment