Friday, August 12, 2011

ඓතිහාසික කොරතොට කන්දේ වන අසිරිය රැක ගනිමු


ඓතිහාසික වටිනාකම් රැසකින් යුතු, කඩුවෙල කොරතොට කන්ද සොබාදහමේ රමණීය දායාදයකි. බැලුන්ගල නමින් හැඳින්වෙන මෙම කන්ද කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උසම ස්වභාවික ස්ථානය වන අතර, උසින් අඩි 400ක් පමණ වේ. ඉතා පෞරාණික අගයන් දරන මෙහි බිතු සිතුවම් නැතත්, සීගිරියට දෙවැනි වන්නාවු ආශ්චර්යවත් ස්ථථානයක් බව කිව යුතුය.
මේ කන්ද බැලුන්ගල ලෙස හැඳින්වෙනුයේ ධ්ධ් වැනි රාජසිංහ රජසමයේ රජතුමාගේ රාජපුරුෂයන් පෘතුගීසීන්ට විරුද්ධව ඔත්තු බැලු ස්ථානය වන බැවින් බව ඉතිහාසයේ සඳහන් වෙයි.
සොබාදහම හා බැඳුණු සත්ව ගහනයක් වෙසෙන මෙහි වඳුරන්, රිලවුන් වර්ග 400ක් පමණ ද ඉත්තෑවන්, මීමින්නන්, කොළ දිවියන්, ඉබ්බන්, මුගටියන්, සර්පයන්, පිඹුරන් වැනි සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. දුර්ලභ වර්ගයේ බෙහෙත් පැළැටි විශාල ප්‍රමාණයක්ද ඇත.


කොරතොට කඳුයායේ එදා දුටු රමණීය බව හා ඓතිහාසික වටිනාකම රැකගැනීමේ බරපතළ ගැටලුවට අද දිනයේ ප්‍රදේශවාසීහු මුහුණ පා සිටිති. 
කලකට ඉහත කන්ද පාමුලින් ගලා ආ ජලපහරවල් හා ස්වභාවික පොකුණු සිඳී ගොසින් තිබේ. 


සත්ව ගහනය වැනසීයාම මෙන්ම ප්‍රදේශවාසී ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා අහිමිවන තත්ත්වයක් වර්තමානයේ උදා වී ඇත.
වසර ගණනාවක සිට කන්දේ බිම් මට්ටමේ සිදුවු කළුගල් කැඩීම නිසා බොහෝ ජීවිත හා දේපළ හානි සිදුවී ඇත.


කළුගල් ජාවාරමට එරෙහිව දහස් ගණන් දෑත් එක්වී ඇතිමුත් නිසි පිළිතුරක් නොලද ගම්වාසීන් සිටිනුයේ දැඩි කලකිරීමකිනි.


මේ පිළිබඳව අදහස් දැක්වූ නිශ්ශංක පෙරේරා මහතා
කොරතොට කන්දට සිදුව ඇති හානිය මෙතකැයි කියන්න බැහැ.
මේ කන්ද වටේට ගල්ලෙන් හා ගල්පුටු රාශියක් තිබුණා. ජනවහරේ කියනවා දළදා වහන්සේ නුවරට වැඩම කරන්න කලින් මෙම ප්‍රදේශයේ සඟවා තැබුවා කියලා. 
කටාරං සහිත ගල්ලෙන් පවා තියෙනවා.
ඒවාත් කඩලා විකුණගෙන . මෙහෙ මිනිස්සු ජීවත්වෙන්නේ හරිම බයෙන්.
ගල්කුඩු නිසා හුස්ම ගන්න බෑ. ළමයෙකුට කිරි ටිකක් දෙන්න බැහැ. හුඟ දෙනෙකු උගුරේ ආබාධවලින් ;පළෙනවා.


මේවන විට ගෙවල්වල අත්තිවාරම් පවා දෙදරලා තියෙනවා.
ඉදිරියෙදි මේ භූගත පැලුම් නිසා විශාල නායයාම් පවා ඇතිවෙන්න පුළුවන්.
මෙම ගැටලුවට ඉක්මන් විසඳුම් ලබාදෙන ලෙස ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා.


http://www.dinamina.lk/2011/08/12/_art.asp?fn=r1108122

No comments:

Post a Comment