අලි සංගණනය සාර්ථකයි
ඇමැති එස්. එම්. චන්ද්‍රසේන
මේ අතර මෙරට ප්‍රථම අලි සංගණනය 11 දා සිට සාර්ථකව පැවැත්වෙන බවත් රට පුරා ස්ථාන 1500 කදී නිලධාරීන් 4500 ක් එයට එක්වූ බවත් වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගිය සිකුරාදා පැවැසීය.
අලි සංගණනයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඉවත් වූ කථාව අසත්‍ය බවත් ඇමැතිවරයා කීය.
මොන බාධක ප්‍රශ්න ආවත් අලි සංගණනය ඉතා සාර්ථක බවත් රටපුරා සියලු ප්‍රදේශවල 11 සිට 13 වැනිදා දක්වා දිවා රාත්‍රී මෙම සංගණනය පැවැති බව ද ඇමැතිවරයා කීය.
අලි මිනිස් ගැටුම් අවම කිරීමටත් අලි සංරක්ෂණයට අවශ්‍ය ඉදිරි සැලැසුම් සකස් කිරීමටත් මෙරට සිටින අලි හා ඇතුන් ප්‍රමාණය නිවැරැදිව සොයා ගැනීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සංගණනය කළ බවත් වනජීවි සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පවසයි.
උතුර ද නැගෙනහිර පළාත්වල සිටින අලි ඇතුන් පිළිබඳව කිසිම සංගණනයක් මෙතෙක් කර නැති බවත් මුලතිව් වැනි ප්‍රදේශවල අලි විශාල ලෙස සිටින ප්‍රදේශ බවත් ඒ අනුව මෙය මෙරට දීප ව්‍යාප්තව සිදු කෙරෙන ප්‍රථම අලි සංගණනය ලෙස මෙය ඉතිහාසයට එක්වන බව වනජීවි අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පවසයි.
මෙම සංගණනය සඳහා යුද හමුදා හා සිවිල් ආරක්ෂක සේනා නිලධාරීන් මෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම පිරිස උදව් කළ බවත් ඒ පිළිබඳව ඒ සියලු දෙනාට ස්තුති වන්ත වන බවත් එච්. ඩී. රත්නායක මහතා පවසයි.
============================================
Report on elephant survey after two weeks
The National Elephant Survey was conducted through more than 1,500 observation points across the country. Officers were stationed at these spots by August 11 and the count began on August 12. Wildlife and Agrarian Services Minister S.M. Chandrasena told the media last week that the data collected by the survey will be utilised to form an efficient and scientific plan for elephant conservation while bringing a sustainable solution to the human-elephant conflict.
According to Minister Chandrasena, the survey will give a good understanding of Sri Lanka's elephants as one unit. Knowing the number of elephants living outside protected areas will be one of the supportive factors to bring a sustainable solution to the human-elephant conflict, the Minister said.
========================================
Survey on elephants, a success
The Ministry of Agrarian Services and Wildlife will prepare a national plan on conservation and management to solve the human-elephant conflict with the data collected from the country's first ever islanwide survey on elephants, concluded yesterday evening.
Minister S.M. Chandrasena told the Sunday Observer the protests by the elephant conservationists did not affect the survey and over 4,200 personnel including members of the Security Forces, Wildlife Department officials and NGO workers supported the the survey that was concluded successfully.
He denied that he said that the survey was to capture 300 healthy calves from the wild to domesticate them to be used in religious and cultural ceremonies and the so-called conservation groups missed the opportunity to offer their contribution for a national cause.
Claiming that capturing wild elephants or tuskers would affect the natural breeding process in the wild, over 12 wildlife groups pulled out their volunteers from the counting protesting Minister Chandrasena's statement.
The water-hole based survey, a project which costs $ 210,000 was commenced on Friday from the Minneriya National Wildlife Sanctuary and carried out in all national parks. While the country's wild elephant population is dwindling with humans encroaching on their habitats, according to predictions by wildlife experts there could be about 5,000 to 6,000 elephants in the country.
"Villagers, the victims of the human-elephant conflict helped the officials involved in the survey by providing them with meals.
"We have identified over 54 areas where there is a serious conflict between villagers and elephants", he said. He said the Asian elephant experts- Prof. Sukumar of the Indian Wildlife Institute and Bruce Read from the Florida Ringing Centre, USA - participated in the survey, which covered 1,500 locations frequented by elephants.
Minister Chandrasena said the existing data on country's elephant population and its behavioural patterns were not adequate to implement a National Plan. (Correction - Figures on elephants in the story on page 38 should read as 300).
http://www.sundayobserver.lk/2011/08/14/new37.asp
=========================================
අලි සංගණනය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඇමැතිට
සීගිරිය විශේෂ
පුරා දින තුනක් තිස්සේ පැවැති වන අලි සංගණනය පිළිබඳ එක්රැස් කරන ලද තොරතුරු පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරි දෙසතිය තුළ වනජීවී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පවසයි.
උතුර නැගෙනහිර ඇතුළු දිවයින පුරා නිරීක්ෂණ මධ්‍යස්ථාන 1553 කදී පැවැත්වූ සංගණනයට නිලධාරීන් 4000 ක් පමණ සහභාගි වූ බවත්, වන අලි සංගණනයෙන් ලබාගන්නා ලද දත්ත විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ විශ්ලේෂණය කර සකස් කරන වාර්තාව උපයෝගී කරගෙන වන අලි කළමනාකරණය සඳහා නව සැලසුම් සඳහා ප්‍රවේශ වන බවත්, අපේක්ෂා නොකළ අයුරින් නැගෙනහිර පළාතෙන් අලි ගහණයක් වාර්තා වී ඇති බවත් අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/08/15/news03.html
සීගිරිය විශේෂ
පුරා දින තුනක් තිස්සේ පැවැති වන අලි සංගණනය පිළිබඳ එක්රැස් කරන ලද තොරතුරු පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරි දෙසතිය තුළ වනජීවී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පවසයි.
උතුර නැගෙනහිර ඇතුළු දිවයින පුරා නිරීක්ෂණ මධ්‍යස්ථාන 1553 කදී පැවැත්වූ සංගණනයට නිලධාරීන් 4000 ක් පමණ සහභාගි වූ බවත්, වන අලි සංගණනයෙන් ලබාගන්නා ලද දත්ත විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ විශ්ලේෂණය කර සකස් කරන වාර්තාව උපයෝගී කරගෙන වන අලි කළමනාකරණය සඳහා නව සැලසුම් සඳහා ප්‍රවේශ වන බවත්, අපේක්ෂා නොකළ අයුරින් නැගෙනහිර පළාතෙන් අලි ගහණයක් වාර්තා වී ඇති බවත් අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2011/08/15/news03.html
=====================================
No comments:
Post a Comment