Friday, August 12, 2011

Elephant census (Update: 3 news items)

Countrywide elephant census starts


By Ifham Nizam

The first countrywide elephant census commenced yesterday in 15 places, including the major national parks, minus the services of some leading conservationists and experts.

National Parks, except for Horton Plains, Pigeon Island, Hikkaduwa and Horagolla, were closed from yesterday until August 13.

Wildlife Director General H. D. Ratnayake yesterday said that officers involved in the census have been dispatched to the respective centres.

The census is conducted by the Department of Wildlife Department with the participation of more than 4,000 persons including 1,000 wildlife officers, 1000 Civil Defence Forces personnel, voluntary persons, including villagers.

Agrarian Services and Wildlife Minister S. M. Chandrasena says the prime motive of the census is find out the exact number of elephants and their distribution network.

He says knowing the numbers and distribution will help to plan policies to cut down human-elephant conflicts and assist farmers on prevention methods from raiding elephants.


http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=32205
වන අලි සමීක්‍ෂණය අද ඇරැඹෙයි

අනුර බාලසූරිය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දීපව්‍යාප්තව සිදු කෙරෙන වන අලි සමීක්‍ෂණය අද (12 දා) ආරම්භ වේ.

අද (12 දා) සහ හෙට (13 දා) දෙදින පුරා දිවා රාත්‍රියේ මෙම සමීක්‍ෂණ කටයුතු සිදු කෙරෙනු ඇත.

සමීක්‍ෂණය හේතුවෙන් යාල, බුන්දල, උඩවලව, ලුණුගම්වෙහෙර, කවුඩුල්ල, මින්නේරිය, අංගම්මැඩිල්ල, ලාහුගල, කිතුලපන, ගල්ඔය, කුමන, විල්පත්තු, වස්‌ගමුව, මාදුරුඔය, සෝමාවතිය, ජල ගැලුම් නිම්නය යන ජාතික වනෝද්‍යාන මෙම 11, 12, 13 තෙදින සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වන අලි සමීක්‍ෂණ කටයුතු වයඹ, මධ්‍යම, මහවැලි, දකුණ, නැගෙනහිර, යාල, බුන්දල හා උතුර යන වනජීවී කලාපයන් තුළ මධ්‍යස්‌ථාන 1553 කදී සිදු කෙරෙන අතර සමීක්‍ෂණ කටයුතු සඳහා 4000 කට අධික පිරිසක්‌ සහභාගි වෙති.

සමීක්‍ෂණ කටයුතුවල යෙදෙන නිලධාරීන් ඊයේ (11 දා) දිනය තුළදී අදාළ ස්‌ථානවලට යොමු කිරීම සිදු කෙරිණි.

දල වශයෙන් මෙරට කෙතරම් වන අලි ගහනයක්‌ සිටිනවාද යන්නත් වැඩිහිටි, තරුණ, ගැටව්, ළදරු අවස්‌ථා හා කාන්තා, පිරිමි වශයෙන් හඳුනා ගැනීමත්, දළ ඇතුන් කෙතරම් සිටිනවාද, තනි වශයෙන් කෙතරම් ගැවසෙනවාද යන්නත් සොයා ගැනීම අරමුණු කරගෙන මෙම සමීක්‍ෂණය සිදු කෙරෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙයට අමතරව රක්‍ෂිතවලින් බැහැරව කොතරම් සිටිනවාද, වන අලි තර්ජනයට වැඩියෙන්ම ලක්‌වන ප්‍රදේශ හඳුනා ගැනීමත් සිදු කෙරෙනු ඇත. සමීක්‍ෂණ කටයුතු සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, සරසවි සිසුන්, නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන හා ඊට අමතරව යුද හමුදාව හා සිවිල් ආරක්‍ෂක බළකායේ සහයෝගය ලබාගැනෙනු ඇත.

මෙයට පෙර වනජීවී කලාප මට්‌ටමින් වන අලි සමීක්‍ෂණ 1993, 2004, 2008 වර්ෂවල සිදු කර ඇත. දීප ව්‍යාප්තව සිදු කෙරෙන ප්‍රථම අලි සමීක්‍ෂණය මෙය බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. සී. රත්නායක මහතා සඳහන් කළේය.



http://www.divaina.com/2011/08/12/news11.html



ස්වේච්ඡා සංවිධාන 15ක් සංගණනයෙන් ඉවත් වෙයි

අලි සමීක්ෂණයට සහය ලබාදීමට එකඟතාවය පළ කළ පරිසර වනජීවී හා ස්වේච්ඡා සංවිධාන 15 ක් සංගණන කටයුතු වලින් ඉවත් වෙති.

සමීක්ෂණයෙන් පසු අලි 300 ක් බලපත්‍රලාභීන් වෙත ලබාදීමට සලකා බලන බවට විෂයභාර ඇමැතිවරයා කළ ප්‍රකාශයත් සමඟ සමීක්ෂණයෙන් ඉවත්වීමට මේ සංවිධාන තීරණය කර තිබේ.

සමීක්ෂණය හරහා ඇමැතිවරයා වෙනත් අරමුණු ඉෂ්ඨ කර ගැනීමට උත්සාහයක යෙදී සිටින නිසා මේ තීරණය ගත් බව වන ජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා ‘දිනමිණ’ ට පැවසීය.

මෙවර සිදු කරන සමීක්ෂණයෙන් ලබා දෙන දත්ත පිළිගැනීමට නොහැකි බවත්, ඒ සඳහා පිළිගත් පිරිස් යොමු කර නොමැති බවද හෙතෙම කීවේය.

අවශ්‍ය වාහන, ශ්‍රමය ලබාදීමට එකඟ වූයේ සද්භාවයෙන් සමීක්ෂණය සිදු කරනු ඇතැයි සිතා වුවද එහි යටි අරමුණ හෙළිවීමත් සමඟ විද්වත් සංගම් ඉවත් වීමට පියවර ගත් බවද ඒ මහතා පැවසීය.

මේ සංගණනය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 25 කි.

http://www.dinamina.lk/2011/08/12/_art.asp?fn=n1108123

No comments:

Post a Comment