තීන්ත වර්ගවල අඩංගු විය යුතු උපරිම ඊයම් මට්ටම නිර්ණය කර නීතිගත කරවීම සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ තවත් අය වග උත්තරකරුවන් කරමින් 2011 පෙබරවාරි 14 වැනි දින පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමින් අයැද ඇති පරිදි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පෙත්සමේ අයැද ඇති පරිදි අංක 1725/30 සහ 2011 සැප්තැම්බර් මස 30 වැනි දින දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් තීන්තවල අඩංගු විය හැකි උපරිම ඊයම් ප්‍රමාණය නිර්ණය කරමින් 2013 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මඟින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ සඳහා භාවිතා කරන තීන්ත වර්ගවල සහ බාහිර අලංකරණය සඳහා භාවිත කරන ඉමල්ෂන් තීන්ත සඳහා සහ අභ්‍යන්තර අලංකරණය සඳහා භාවිතා කරන ඉමල්ෂන් තීන්ත සඳහා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 90ක උපරිම ඊයම් ප්‍රතිශතයක් ද ඉනැමල් තීන්ත සහ ගෙබිම අලංකරණය සඳහා භාවිතා කරන තීන්ත ආලේපන සඳහා කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 600ක උපරිම ඊයම් ප්‍රතිශතයක් ද මෙම ගැසට් නිවේදනය මඟින් රෙගුලාසි ගතකර ඇත.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ ටොක්සිකස් ලින්ක්, දිගුකල් පවතින කාබනික රසායනික ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ අන්තර්ජාතික ජාලය (ධ්ර්‍ථඡ්ව්) සමඟ එක්ව සිදු කරන ලද “අලංකරණය සඳහා භාවිතා කරන තීන්ත වර්ගවල අඩංගු ඊයම් සම්බන්ධ අන්තර්ජාතික විද්‍යාත්මක අධ්‍යයනයට අනුව එවකට පැවැති ගැසට් පත්‍රයෙහි දක්වා තිබූ උපරිම ඊයම් ප්‍රමාණය වූ 600 නනථ (කොටස් මිලියනයකට තිබිය හැකි ඊයම් අංශු ප්‍රමාණය) මෙන් 228 ගුණයක් එනම් 137325 ක ඊයම් අංශු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පරීක්ෂා කරන ලද ඉනැමල් තීන්ත සාම්පලයන්හි අන්තර්ගත වූ බව සොයාගන්නා ලදී.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කරන්නේ “මෙම ගැසට් නිවේදනය, අලංකරණය පිණිස ආලේපකර ඇති තීන්ත වැනි ද්‍රව්‍යවල අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් නිවසේදී පාසලේදී වැඩබිමේදී අහිතකර සෞඛ්‍ය බලපෑම් වලට ලක්වන පාරිභෝගිකයා ලද අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බවයි.”
http://www.silumina.lk/2011/10/16/_art.asp?fn=aa11101611
No comments:
Post a Comment