Saturday, January 28, 2012

අධිවේගී පාරෙන් මාස දෙකට මිලියන 150 ක ආදායමක්‌

ප්‍රියදර්ශන ලියනගේ

මාස දෙකක්‌ ඇතුළත දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන එකසිය පනහකට අධික වාර්තාගත ආදායමක්‌ උපයා ගැනීමට රජය සමත් වී ඇතැයි වරාය සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ඊයේ (26 දා) "දිවයින" ට පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඔස්‌සේ දිනකට වාහන ගමන් හත්දාහක්‌ - අටදාහක්‌ පමණ සිදුවෙනවා. මීට පෙර දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඔස්‌සේ දිනකට ගමන් කළේ රථ වාහන 5,000 - 6,000 ත් ප්‍රමාණයක්‌. රිය අනතුරු ප්‍රමාණයද මේ වන විට විශාල වශයෙන් අඩුවී තිබෙනවා.

අද දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය දිනෙන් දින රජයට ආදායම් උපයාදෙන මාර්ගයක්‌ බවට පත්වෙනවා. අධිවේගී මාර්ගය හදද්දී එයට විරුද්ධව හඬනැඟූ අයත් අද මෙම මාර්ගය ඔස්‌සේ ගමන් කරනවා.


http://www.divaina.com/2012/01/28/news15.html

No comments:

Post a Comment