Friday, January 27, 2012

School vans: New rule introduced and more (4 issues)

පාසල් ප්‍රවාහන සේවා රථ 6150 ක්‌ ළමාරක්‌ෂක අධිකාරියේ ලියාපදිංචි වෙයි

තුෂාරී කළුබෝවිල

පාසල් ළමුන් ප්‍රවාහන රථ ලියාපදිංචිය අනිවාර්ය කිරීමත් සමඟ ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ මහත් තදබදයක්‌ ඇතිවී තිබෙන බව එහි සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය "දිවයින" ට පැවසුවාය.

පසුගිය දින තුනේදී පමණක්‌ පාසල් ළමුන් ප්‍රවාහන රථ 150 ක්‌ පමණ ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ ලියාපදිංචිය ලබාගත් බව ඒ මහත්මිය කීවාය.

බස්‌නාහිර පළාත් සභාවේ පාසල් ළමුන් ප්‍රවාහන රථ 10000 ක්‌ පමණ තිබෙන බවත්, ඊට ආසන්න සංඛ්‍යාවක්‌ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ හා ඒ අවට ඇති බවට වාර්තා වී ඇති බවත් දිසානායක මහත්මිය සඳහන් කළාය.

එසේ වුවත් මෙතෙක්‌ ජාතික ළමාආරක්‌ෂක අධිකාරියේ ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහන රථ 6150 ක්‌ පමණක්‌ බව ඇය කීවාය.

කිසිදු සංගමයකට හෝ සංවිධානයකට අයත් නොවී පෞද්ගලික මට්‌ටමින් දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථ විශාල ප්‍රමාණයක්‌ මීට අමතරව ඇති නමුත් ඒවා පිළිබඳව කිසිදු සංගණනයක්‌ද නොමැති බව දිසානායක මහත්මිය පැවැසුවාය.

දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරකවරුන් සිටින බවත්, පාසල් ළමුන් ප්‍රවාහන රථ ලියාපදිංචි කිරීමේ කාර්ය ඔවුන් මගින් සිදුකරගත හැකි බවත් ඒ මහත්මිය කීවාය.


http://www.divaina.com/2012/01/27/news09.html


පාසල් වෑන් රථ නීති ඊයේ සිට සංශෝධනය කෙරේ

තුෂාරී කළුබෝවිල

පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේ රථ සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතිරීති වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (26 වැනිදා) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව පාසල් ප්‍රවාහන රථවල රියෑදුරන් අනිවාර්යයෙන්ම රියෑදුරකු වශයෙන් වසර පහක පළපුරුද්ද ඇති අයෙකු විය යුතුය.

එසේම පාසල් ප්‍රවාහන රථවල සේවය කරන රියෑදුරන් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 25 ට වැඩි අයෙකු ද විය යුතුය.

පාසල් දරුවන් ප්‍රවාහනය කරන සෑම අවස්‌ථාකදීම රියෑරදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, ආදායම් බලපත්‍රය, රක්‍ෂණ සහතිකය ළඟ තබාගත යුතුය.

රියෑදුරු හා රථයේ හිමිකරුගේ පැවැත්ම පිළිබඳ පදිංචි බල ප්‍රදේශයේ පොලිසිය මගින් ලබාගත් වාර්තාවක්‌ ද ඔවුන් සතුව තිබීම අනිවාර්ය වේ.

රථයේ යාවත්කාලීන තත්ත්වය, පැති කණ්‌ණාඩි, ටයර්, සංඥ විදුලි පහන් හා තිරිංග මනා ක්‍රියාකාරිත්වයක්‌ මෙන්ම පහසු අසුන් ද පාසල් ප්‍රවාහන රථවල තිබිය යුතුය.

පාසල් ප්‍රවාහන රථ ඕනෑම අවස්‌ථාවක මෙම නීති රීති යටතේ නිරීක්‍ෂණය කොට නඩු පැවරීමට සෑම පොලිස්‌ ස්‌aථානයකටම බලය පැවරී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය "දිවයින"ට පැවසුවාය.

එසේම සෑම පාසල් ප්‍රවාහන රථයක්‌ම ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ ලියාපදිංචි වීමද අනිවාර්ය වන අතර තම දරුවන් පාසල් ප්‍රවාහන රථවලට භාරදීමට පෙර මෙම සියලු කාරණා සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස දිසානායක මහත්මිය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නීය.


http://www.divaina.com/2012/01/27/news11.html


අතක්‌ අහිමි රියෑදුරෙකුත් පාසල් වෑන් රියක්‌ පදවලා

නෝමන් පලිහවඩන - ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

අතක්‌ අහිමි පාසල් වෑන් රථ රියෑදුරෙකු මිනුවන්ගොඩ සිට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ කාන්තා විදුහල්වලට ශිෂ්‍යාවන් රැගෙන එද්දී කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන රියෑදුරු රැකියාවෙන් ඉවත්වෙන ලෙස දැනුම් දී නිදහස්‌ කර යවා තිබේ.

මෙම රියෑදුරු කාලයක්‌ තිස්‌සේ තනි අතින් සුක්‌කානම හසුරුවා ඇති අතර වෑන් රිය ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය අසලට පැමිණි මොහොතේ පොලිසියේ ග්‍රහණයට හසුවී තිබේ.

පාසල් වෑන් රථ පරීක්‍ෂා කරද්දී රියෑදුරුගේ අතක්‌ අහිමි බව දකින්නට ලැබී ඇත. ඔහුගේ අතේ වැලමිටෙන් පහළ කොටස නොමැත.

මේ රියෑදුරු වහාම කුරුඳුවත්ත පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවට ඉදිරිපත් කර ඇති අතර මේ ආකාරයට වාහන පැදවීම අනතුරුදායක බව පොලිස්‌ නිලධාරියා ඔහුට පවසා ඇත.

තමා වාහන බලපත්‍රය ගැනීමෙන් පසු තමාගේ දකුණු අත අනතුරකට ලක්‌වූ බව සඳහන් කර ඇති රියෑදුරා අත අහිමි වුණත් වාහනය පදවන්නට හැකි බව පවසා තිබේ.

මෙම වෑන් රියේ අයිතිකරුද ඔහුය. ඒ වෙනුවෙන් වෙනත් රියෑදුරෙකු යොදවා වාහනය පදවන ලෙස පොලිසිය ඔහුට උපදෙස්‌ දුන්නේය.

සිය දරුවන් ගමන් ගන්නා පාසල් වෑන් රථවල රියෑදුරන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් එසේ සැලකිලිමත් වන්නේ නම් බොහෝ අනතුරු වළක්‌වා ගත හැකි බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා "දිවයින" ට පැවසීය.

සැකකාර 55 හැවිරිදි රියෑදුරු කොළඹ අලුත්කඩේ අංක 7 මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත.


ඔහුගේ රියෑදුරු බලපත්‍රයද අධිකරණයෙන් අත්හිටුවා ඇත.

මේ පිළිබඳව කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස්‌ මත රථවාහන විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක සුරාඡ් මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයටි.


http://www.divaina.com/2012/01/26/news04.html


One-armed school van driver nabbed


YASARATNE GAMAGE

A man with an amputated hand who worked as a driver of a van transporting schoolchildren was released on personal bail of Rs 100,000. His driving license was also suspended by the Aluthkade magistrate when he was produced in court. The man was arrested by Cinnamon Gardens Police on Tuesday.

The Police checked the vehicle at Flower Road, Colombo 7 and found that the driver’s hand had been amputated below the elbow. The van was transporting students from Kotugoda, Ekala to Colombo.

The Police also said that parents and their children had been fully aware that the man was driving the vehicle with this handicap.

The Police Public Relations Unit urged the public that it is their duty to inform about such situations to the Police to prevent accidents.

http://www.dailynews.lk/2012/01/26/sec01.asp

No comments:

Post a Comment