Saturday, January 28, 2012

මාස දෙකක්‌ තිස්‌සේ ජලභීතිකා රෝග මර්දන එන්නත් හිඟයක්‌

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

දිවයින පුරා ජලභීතිකා රෝග මර්දන වැඩසටහන මාස දෙකක්‌ එන්නත් නොමැති නිසා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ජලභීතිකාව තුරන් කිරීමේ ජාතික කමිටුවේ අනුශාසක වෛද්‍ය චමිත් නානායක්‌කාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වසර ලෙස 2016 වසර නම්කර ක්‍රියාත්මක කෙරෙන ජාතික ප්‍රතිපත්තිය පවතින එන්නත් හිඟයෙන් ඉටුවේදැයි යන්න ප්‍රශ්නයක්‌ බවද ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුනඛයන්ගෙන් සියයට 70 ක්‌ අවම වශයෙන් එන්නත් කිරීමෙන් ශ්‍රී ලංකාවෙන් ජලභීතිකාව තුරන් කළ හැකි බවට සහතිකයක්‌ද ලබාදී ඇති නමුත් මෙතෙක්‌ සෑම වසරකදීම සුනඛ එන්නත් ප්‍රමාණය සියයට 40-50 මට්‌ටමින් ඉහළ ගොස්‌ නැතැයිද වෛද්‍ය චමිත් නානායක්‌කාර මහතා අවධාරණය කළේය.

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක පහක ජලභීතිකා සුනඛ එන්නත් වැඩ සටහන සාර්ථකව සිදු කෙරෙන අතර බස්‌නාහිර හා උතුරු පළාත්වලද, ඌව සහ දකුණ (හම්බන්තොට හැර) පළාත්වලද වැඩසටහන මන්දගාමීව සිදුවන බවද කියයි.

ශ්‍රී ලංකාවේ සුනඛ ගහණය ලක්‍ෂ 22 කි. සුනඛයන් සඳහා ජලභීතිකා රෝග මර්දන එන්නත් ලබාදීම සඳහා වාර්ෂිකව එන්නත් කුප්පි ලක්‍ෂ 20 ක්‌ පමණ අවශ්‍යවනු ඇති බවටද ගණන් බලා ඇත.


http://www.divaina.com/2012/01/28/news13.html

No comments:

Post a Comment