Friday, January 27, 2012

ශ්‍රී ලන්කන් ගුවන්යානා බළඇණිය 21 දක්වා ඉහළ දමයි

සුභාෂිනි සේනානායක

ශ්‍රී ලන්කන් ගුවන්යානා බළඇණිය 21 දක්වා ඉහළ දැමීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

2011 වසර ආරම්භයේදී ගුවන්යානා 15 ක් තිබූ අතර වසර අවසාන වන විට තවත් ගුවන් යානා 7 ක් ගුවන් යානා බලඇණියට එක්වී තිබේ.

ගුවන් සමාගමේ නවතම ඒ-320 ගුවන් යානය 2011 වසරේ නොවැම්බර් මාසයේ ඒ-330 ගුවන් යානය දෙසැම්බර් මස 09 වැනිදාත් ලියාපදිංචි කර තිබේ. මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානා ඇණිය ඒ-320 ගුවන් යානා 7 ක්, ඒ-330 ගුවන් යානා හයක්, ඒ-340 ගුවන් යානා හයක් හා ඩී.හැඩිලන්ඩ් ද්විත්ව ගුවන් යානා දෙකකින් සමන්විත වේ.

2011 වසර ශ්‍රී ලාංකීය ගුවන් සේවා ඉතිහාසයේ ස්වර්ණමය වසරක් බවත් එක් වසරක් තුළ ගුවන් යානා 7 ක් එක්වීමෙන් වාර්තාවක් පිහිටුවු බවත් සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ශ්‍රී ලංකාව ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම අරමුණ යැයිද ඇමැතිවරයා කීය.

http://www.dinamina.lk/2012/01/27/_art.asp?fn=n1201277

No comments:

Post a Comment