Saturday, January 28, 2012

රටපුරා රජයේ රෝහල්වල එක්ස් කිරණ පටලවල උග්‍ර හිඟයක්

දිවයින පුරා රෝහල්වල මේ වන විට එක්ස් කිරණ පටලවල උග්‍ර හිඟයක් තිබෙන බැවින් රෝගීන්ගේ එක්ස් කිරණ ඡායාරූප ගැනීමේ බරපතළ ප්‍රමාදයන් සිදුව ඇතැයි විකිරණ ශීල්පීන්ගෙ සංගමයේ ‍ලේකම් ධර්ම කීර්ති මහතා සඳහන් කළේය. ප්‍රමිතියෙන් තොර එක්ස් කිරණ පටල ගෙන්වීම හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කිරීමත් සමග මෙම හිඟය ඇතිවූ බව හෙතෙම සඳහන් කළේය. රෝගීන්ගේ එක්ස් කිරණ ඡායාරූප පටල ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමට සිදුව ඇතත් ඒවා ප්‍රමාණවත් නොවන බවද ධර්ම කීර්ති මහතා සඳහන් කළේය.


අප මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙන් විමසූ කළ ඔහු සඳහන් කළේ මේ වන විට රෝහල්වල එක්ස් කිරණ පටලවල හිඟයක් පැවතුනද ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවයි.


කෙසේ නමුත් ඉන්දියාවෙන් ඇනවුම් කළ එක්ස් කිරණපටල තව නොබෝ දිනකින් මෙරටට පැමිණීමට නියමිත බවත් එවිට රෝහල්වල පවතිණ මෙම හිඟය පියවිය හැකි බවත්ය. ඔහු කීය. 


ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් අතලොස්සක් පමණක් එක්ස් කිරණ ඡායා පිටපත් භාවිතා කරන බැවින් ඒවා නිෂ්පාදනය කරන සමාගම්ද ඉතා සුළු සංඛ්‍යාවක් වීම මෙම ගැටලුවට ප්‍රධානතම හේතුවක් වී ඇතැයි හෙතෙම කීය.


කෙසේ නමුත් ඉදිරියේදී ඩිජිටල් කැමරා භාවිතා කර එක්ස් කිරණ පටල ලබාගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙන බවද අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1206:viffgf&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment