Tuesday, January 24, 2012

මේ වසරේ රජයේ ණය යළි ගෙවීමේ වියදම ඩොලර් මිලියන 1273 යි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වසරේ (2012) රජයේ ණය ආපසු ගෙවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1273.6 ක්‌ වැයවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය ඇස්‌තමේන්තු කර ඇත.

ගිය වසරේ (2011) ණය ආපසු ගෙවීමේ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 637.9 ක්‌ වූ අතර මේ අනුව ගිය වසරට සාපේක්‌ෂව මේ වසරේ ණය ආපසු ගෙවීමේ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 635.7 කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. රජයේ පොලී වියදම ගිය වසරේ (2011) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක්‌ වූ අතර එය මේ වසරේදී (2012) ඇමෙරිකානු ඩොලර් මිලියන 493.3 ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයිද මුදල් අමාත්‍යාංශය ඇස්‌තමේන්තු කරනු ලැබ ඇත.


http://www.divaina.com/2012/01/24/news22.html

No comments:

Post a Comment