Tuesday, January 24, 2012

ශ්‍රී පාද වෙළෙඳ සල්වල දර භාවිතයෙන් අහර පිසීම තහනම්

අසේල කුරුළුවංශ

ශ්‍රී පාද මාර්ගයේ නල්ලතන්නියේ සිට මහගිරිදඹ දක්වා ඇති වෙළෙඳ සල්වල ආහාර පිසීමේදී දර භාවිතය තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පියවර ගෙන ඇත.

දර වෙනුවට ආහාර පිසීමේදී ගෑස් පමණක් භාවිත කරන ලෙස කඩහිමියන් දැනුවත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. දර භාවිතයෙන් ආහාර පිසීමේදී සුළං සමඟ ඈතට ඇදී යන ගිනි පුළිඟු මගින් ශ්‍රී පාද රක්ෂිතයේ ගිනි ගැනීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මෙයට අමතරව ඇතැම් වෙළෙඳුන් රක්ෂිතයේ ඇති ගස්වල පොතු ඉවත්කර ගස ක්‍රමානුකූලව මියයන්නට සලස්වා ඊළඟ ශ්‍රී පාද වන්දනා සමයේ එහි දර ප්‍රයෝජනයට ගන්නා බවත් එම වන සංහාරය වැළක්වීමත් අදාළ ක්‍රියාමාර්ගය හරහා සිදුවන බවත් කුමාරසිරි මහතා කීය.


http://www.dinamina.lk/2012/01/24/_art.asp?fn=n12012412

No comments:

Post a Comment