Tuesday, January 24, 2012

කඩුවෙල හෝටල් හා වෙළෙඳ සල් සෞඛ්‍යයට අහිතකර ලෙස පවත්වා ගෙන ගිය දොළොස් දෙනකුට දඩ

කෝට්ටේ මධ්‍යම සමූහ නන්ද ඒකනායක

මහජන සෞඛ්‍යයට අහිතකර අන්දමින් පවත්වාගෙන ගිය හෝටල් හා වෙළඳ සල් දොළහක අයිතිකරුවන්ට විරුද්ධව පවරා තිබූ නඩු දොළහක් විභාග කළ කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය කඩ හිමියන් දස දෙනකුට රුපියල් දස දහස බැගින්ද අනෙක් කඩ හිමියන් දෙදෙනාට රුපියල් පන්දහස බැගින්ද දඩ නියම කළේය. මේ නඩු දොළහෙන් රජයට ලැබුණ සම්පූර්ණ මුදල රුපියල් 110000 කි.

කඩුවෙල මහ නගර සභාවට අයත් බත්තරමුල්ල උප කොට්ඨාස බල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මේ හෝටල් හා වෙළඳ සල්වල ආහාර ද්‍රව්‍ය අසුරා තිබූ අන්දම ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් පිරිසුදු අන්දමින් ඒවා තැබීමට සති දෙකක කාලයක් ලබාදී ඇත. එම උපදෙස් අනුව ක්‍රියා නොකළ නිසා මෙසේ අධිකරණයට යොමු කළ බව බත්තරමුල්ල සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා අධිකරණයට කියා සිටියේය.

සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ උපදෙස් අනුව කටයුතු නොකිරීමටත් ආහාර ද්‍රව්‍ය පිරිසුදු ලෙස තබා නොගැනීමත් බලවත් වරදක් බවටත් තහවුරු වන බැවින් චූදිතයන් වරදකරුවන් වන බවට විනිසුරුවරිය කියා සිටියේය. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුදත් සරණසිරි හා කඩුවෙල ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක ලයනල් පෙරේරා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම නඩු පවරා තිබිණි.


http://www.dinamina.lk/2012/01/24/_art.asp?fn=r1201246

No comments:

Post a Comment