නිට්ටඹුව සමූහ ජෙනට් ජයසිංහ
තම ගෙවත්තෙහි ඩෙංගු මදුරුවන්ට වාසභූමි සාදා ගැනීමට හැකිවන අන්දමට අපරීක්ෂාකාරී ලෙස රූපවාහිනි යන්ත්‍ර කොටස් විසුරුවා හැර තිබූ ගම්පහ නගර සභා බල ප්‍රදේශයේ ඉහළගම පදිංචි කාන්තාවකට එරෙහිව ගම්පහ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ අංශය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු රුපියල් 5000 ක දඩ නියම කර තිබේ.
මේ කාන්තාවට හිමි නිවසෙහි රූපවාහිනි යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. එහි ඉතිරිවන කොටස් මදුරුවන්ට බෝවීමට හැකි වන පරිදි වතුර රැදෙන අන්දමට තැනතැන දමා තිබී ඇත. ගම්පහ මහ නගර සභාවේ ඩෙංගු මර්දන ව්‍යාපෘතිය යටතේ අදාළ බල ප්‍රදේශයේ ගෙවතු පරීක්ෂා කිරීමේදී මෙසේ දමා තිබූ එම කොටස් මදුරු කීට සහිතව ජලය රැඳී තිබී අසුවී ඇත. ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා මෙසේ දඩ නියම කර ඇත.
http://www.dinamina.lk/2012/01/24/_art.asp?fn=r1201244
No comments:
Post a Comment