Saturday, January 28, 2012

දක්ෂිණ අධිවේගී මඟී ප්‍රවාහනයට අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්

ශීලා උඩුවර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සඳහා අධි සුඛෝපභෝගී පුද්ගලික බස් රථ දෙකක් ඊයේ (27) ධාවනයට එක්විය. පුද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව පිවිසුමේදී ඊයේ උදේ මේ බස් රථ ධාවනය ඇරඹීනි.

මහරගම සිට ගාල්ල දක්වා ධාවනය කරන මේ බස් රථ වායුසමනය ආසන පටි රූපවාහිනි නැරඹීම ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විතය. උදේ 5.30 ට, 9 ට, 10.20 ට පස්වරු 2.30 ට 3.30 ට හා 6.30 ට මේ බස් රථ මහරගමින් ගමන් අරඹන අතර ගාල්ලෙන් උදේ 5.30 ට 7.30 ට පස්වරු 12.30 ට පස්වරු 1.30 ට 4.30 ට හා 6 ට ගමන් අරඹනු ලැබේ.

මේ බස් රථයක මිල රුපියල් ලක්ෂ 95 ක් පමණ වේ. මේ බස් රථ පිළිබඳව සතියෙන් සතිය පරීක්ෂා කර බලන බවත් මගී ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන විදියේ සේවාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් පුද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා කීය.




දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය ඊයේ (27) ආරම්භ වූ අවස්ථාවේදී පෞද්ගලික බස් රථ ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක මහතා ප්‍රථම ප්‍රවේශ පත්‍රය මිලදී ගත් අයුරු. සහ එම පෞද්ගලික බස් රථයක් මෙහි දැක්වේ.

http://www.dinamina.lk/2012/01/28/_art.asp?fn=n1201287

No comments:

Post a Comment