Saturday, January 28, 2012

ජනපති මැඳුරේ සිට සූර්ය බලශක්‌තියෙන් විදුලිය ජනනයට ලෙකෝ සැරසෙයි

ශිරාන් රණසිංහ

කොළඹ ජනාධිපති මන්දිරයේ සූර්ය බලශක්‌ති යන්ත්‍රයක්‌ සවිකර දිනකට කිලෝ වොට්‌ පහක විදුලි බලයක්‌ නිපදවා එය ජාතික විදුලි පද්ධතියට එක්‌ කිරීමේ වැඩසටහනක්‌ ලබන සතියේ ආරම්භ කිරීමට ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ) කටයුතු යොදා ඇතැයි එහි සභාපති චන්දන හපුතන්ත්‍රි මහතා "දිවයින"ට පැවැසීය.

"මහින්ද චින්තන"යේ සඳහන් පරිදි රටේ සමස්‌ත විදුලි නිෂ්පාදනයෙන් සියයට විස්‌සක්‌ පුනර්ජනනීය බලශක්‌ති ප්‍රබවයන්ගෙන් ලබාගැනිමේ වැඩසටහන යටතේ ලෙකෝ ආයතනය මෙය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කීවේය.

මෙය "නෙට්‌ මීටරින්" ක්‍රමය ලෙස හඳුන්වන අතර ජනාධිපති මන්දිරයේ සවිකරන සූර්ය බලශක්‌ති යන්ත්‍රය (සෝලා පවර්) මගින් නිපදවන විදුලිය ප්‍රමාණය මාසිකව ගණන් බැලීමට නියමිත බවද ලෙකෝ සමාගමෙහි සභාපති චන්දන හපුතන්ත්‍රි මහතා තවදුරටත් කියා සිටියේය.

මේ අනුව ඉදිරි කාලයේදී පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක්‌ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා කීවේය.


http://www.divaina.com/2012/01/28/news07.html

No comments:

Post a Comment