Wednesday, January 25, 2012

ජනවාරි මාසයේ පමණක්‌ කොළඹින් ඩෙංගු රෝගීන් 230 ක්‌ - දෙදෙනෙක්‌ මියගිහින්

ඒමන්ති මාරඹේ

මෙම මාසයේ ගත වූ දින 24 ක කාලය තුළදී කොළඹ නගර සභා සීමාවෙන් ඩෙංගු උණ රෝගීන් 230 දෙනකු වාර්තාවී ඇති අතර එම රෝගීන් දෙදෙනකු මියගොස්‌ ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින"ට පැවසීය.

මියගොස්‌ ඇති රෝගීන් දෙදෙනාම කුඩා ළමුන් බවද වෛද්‍ය කාරියවසම් කීවේය. මෝදර, කොටහේන, නාරාහේන්පිට, පාමංකඩ යන ප්‍රදේශවලින් වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව තවත් ඉහළ යැමේ අවදානමක්‌ පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මෙම දිනවල වරින් වර හට ගන්නා කඩින් කඩ වර්ෂාවත් සමගම ඩෙංගු මදුරු කීට ඝනත්වය තවත් ඉහළ යැමට ඉඩ තිබීම නිසා එම මදුරු කීටයින් බෝවන හිස්‌ ටින්, තැඹිලි/පොල් කෝම්බ, පොලිතින්, ඉවත ලන ටයර් ඇතුළු වැසි ජලය පිරෙන මාධ්‍යයන් විනාශ කර දමා තම අවට පරිසරය පවිත්‍රව තබා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.


http://www.divaina.com/2012/01/25/news18.html

No comments:

Post a Comment