Sunday, January 29, 2012

මෙරට 89% ක් හලෝ කියති

අරුණි මුතුමලී

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 89 ක් පමණ ජංගම දුරකථන භාවිත කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පවසයි. 2011 ජුනි මාසය වන විට ජංගම දුරකථන සිම් 18176000 ට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. ඒ අතර ස්ථාවර දුරකථන සංඛ්‍යාව 3599250 ක් දක්වා ඉහළ ගොස් ඇත. ස්ථාවර දුරකථන සබඳතාවලින් සියයට 40 ක් පමණ බස්නාහිර පළාතේ ද ඉතිරිය රට පුරා ව්‍යාප්තව ඇත.

ස්ථාවර හා ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවා සපයන්නන් දස දෙනකු මඟින් දිවයින පුරා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට කටයුතු කැර ඇති අතර අධිවේගී පුළුල් පරාස ක්‍රමය යටතේ 2009 දී 230000 ක් වූ අන්තර්ජාල පාරිභෝගික සංඛ්‍යාව 2011 වන විට 520000 ට අධික සංඛ්‍යාවක් ලෙස වර්ධනය වී ඇති බව ද පැල්පිට මහතා පෙන්වා දෙයි. මෙය අන්තර්ජාල ක්ෂේත්‍රයේ වසරකදී ඇතිවූ ශීඝ්‍ර වර්ධනයයි.


http://www.silumina.lk/2012/01/29/_art.asp?fn=aa1201299

No comments:

Post a Comment