Monday, January 30, 2012

President calls for increased milk production (2 items)

දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් යොදන්න
ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

ගුණාත්මක බවින් පිරිපුන් දියර කිරි භාවිතය රට පුරා ප්‍රචලිත කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට යොදවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

කිරිපිටි ආනයනය කිරීම දිගින් දිගටම සිදු කරනවා වෙනුවට, දේශීය කිරි ගොවියා නගා සිටුවීමේ තවත් එක් ක්‍රියාමාර්ගයක් වශයෙන් පාරිභෝගිකයන් අතර දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම වඩාත් යෝග්‍ය බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවේ.

ජනාධිපතිවරයා මේ උපදෙස් දෙනු ලැබුවේ ඊයේ (29) පෙරවරුවේ පොළොන්නරුව මිල්කෝ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

රට තුළ දියර කිරි පරිභෝජනය වැඩි කිරීම මෙන්ම දියර කිරි අලෙවිය දිරි ගැන්වීමද රජයේ මහින්ද චින්තන වැඩපිළිවෙළේ එක් අංගයකි.

වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 75,000 කටත් අධික වේ. ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් වසරක් පාසා විදේශයන් වෙත ගලා යයි. මෙතරම් විශාල විදේශ විනිමයක් විදේශයන් වෙත වියදම් නොකර රට අභ්‍යන්තරයේ ඉතිරි කර ගනිමින් එම මුදල් සංවර්ධන කර්තව්‍යයක් වෙනුවෙන් යොදා ගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දියර කිරි ආශි‍්‍රත නිෂ්පාදනයන් ද පොදු මහජනතාව වෙත වඩාත් සමීප කරවන ලෙස දැනුම් දුන්නේය.

පොළොන්නරුව මිල්කෝ කර්මාන්ත ශාලාවෙන් උකු කිරි හා ප්‍රථම වරට කල්කිරි නිෂ්පාදනයන් ද සිදු කරනු ලබන අතර, නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සඳහා පසුගියදා පින්ලන්තයෙන් ආනයනය කරන ලද රුපියල් මිලියන 315ක් වටිනා නව යන්ත්‍රය ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

දියර කිරි නිෂ්පාදනයන් වැඩි කිරීම සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපළේ අක්කර 2500 ක භූමි භාගයක කිරි දෙනුන් 2500ක් යොදවා දිනක දියර කිරි ධාරිතාව 40,000ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් වූ යෝජනාවකට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ඉදිරියේ දී එය කඩිනමින් ක්‍රියාවට නැංවීමට ද නියමිතය.

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය්‍ය ඇමැති එච්. ආර්. මිත්‍රපාල, මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.


http://www.dinamina.lk/2012/01/30/_art.asp?fn=n12013012


President calls for increased milk production

President Mahinda Rajapaksa yesterday directed authorities in the livestock development and dairy product industry to implement a suitable programme for promoting the use of organic dairy products, with an emphasis to produce nutritionally superior liquid milk for the country.

The President said so while on a visit to the Polonnaruwa milk factory of Milco Private Limited to inspect its activities. Livestock and Rural Development Deputy Minister H R Mithrapala and Milco chairman Sunil Wickremesinghe accompanied the President on his visit. President Mahinda Rajapaksa instructed officials to expand its operations to increase liquid milk production. Increasing domestic milk production was a basic pledge in the Mahinda Chinthana development programme.

President Rajapaksa pointed out that the country imports more than 75, 000 metric tonnes of milk powder annually, for which it pays round 400 million US dollars. "If the country could save such huge sums of money from going to foreign countries, it could be used for development activities.

He also requested officials to work with more dedication by providing the public healthy dairy products against those genetically engineered livestock products which are available in the market.

President Rajapaksa also inspected the factory's ultra high temperature milk processing plant, recently imported from Finland at a cost of Rs 315 million. The plant is expected to increase milk production.

The Cabinet recently approved a proposal by the Livestock Ministry to increase dairy milk production by bringing 2500 cows to the factory's 2500-acre dairy farm in Polonnaruwa.

According to Livestock and Rural Community Development Minister Arumugam Thondaman, Milco had the capacity to process 70,000 litres of milk per eight hour shift as at present.

http://www.dailynews.lk/2012/01/30/news35.asp

No comments:

Post a Comment