Saturday, January 28, 2012

Pakistani heart drug (Isosobite mono nitrate – mg 20) use suspended (3 items)

සෞඛ්‍ය ඇමැතිගේ උපදෙස්‌ මත හදවත් රෝගීන්ට දුන් ඖෂධයක්‌ තාවකාලිකව අත්හිටුවයි

අමිල අබේරත්න

හදවත් රෝගීන් සඳහා භාවිතා කරනු ලබන  Isosobite mono nitrate 20mg නමැති ඖෂධය සියලු රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්වල භාවිත කිරීම හා රාජ්‍ය ඔසුසල්වල ඇතුළු පෞද්ගලික ඔසුසල්වල අලෙවි කිරීම ජාතික ඖෂධ අධිකාරිය විසින් ඊයේ (27 දා) සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ පරිදි ජාතික ඖෂධ අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත. මෙවැනි ඖෂධ භාවිත කළ පකිස්‌තානු හදවත් රෝගීන් 70 දෙනකු මියයැම එයට හේතු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි එම සිද්ධිය දැනගත් විගසම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාකිස්‌තානු රෝගීන්ට මියයැමට හේතු වූ එම බෙහෙත් වර්ග මෙරට රජයේ රෝල්වල භාවිතා කරනවාදැයි සොයා බලා ඇත. එම බෙහෙත් වර්ගවලින් Isosobite mono nitrate 20mg ට නමැති ඖෂධය පමණක්‌ මෙරට රජයේ රෝහල්වල භෘවිතා කරන බව සොයාගෙන තිබේ.

ඒ අනුව රෝහල්වල ඇති එම ඖෂධය පිළිබඳ පරීක්‍ෂණයක්‌ ජාතික ඖෂධ අධිකාරිය විසින් අරඹා ඇති අතර එම පරීක්‍ෂණ අවසන් වනතුරු මෙම ඖෂධය මෙරට රජයේ රෝහල්වල ඇතුළු පෞද්ගලික රෝහල්වල, පෞද්ගලික ඔසුසල්වල, රාජ්‍ය ඔසුසල්වල අලෙවි කිරීම තාවකාලිකව නවතා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි පාකිස්‌තානු ඖෂධ සමාගමක්‌ වන ,Zසඉර්eරෙද, යන සමාගම විසින් මෙම ඖෂධය නිෂ්පාදනය කරනු ලබන අතර ලුවිස්‌ බ්‍රවුසන් සමාගම එම ඖෂධය මෙරටට ආනයනය කරනු ලැබේ.

http://www.divaina.com/2012/01/28/news22.html


හෘද රෝගීන් සඳහා වූ පකිස්තාන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවතට

හෘද රෝගීන් සඳහා භාවිතා කරන පකිස්තානයේ නිෂ්පාදිත Isosobite mono nitrate mg 20 නැමැති ඖෂධය තාවකාලිකව ශ්‍රී ලංකාවේ භාවිතයෙන් ඉවත් කරයි. පෙරේදා (26) පකිස්තානයේ හෘද රෝගීන් 70 කට මරු කැඳවු ඖෂධ පිළිබඳව ඊයේ (27) ජාතික ඖෂධ අධිකාරිය විසින් එය ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ ද යන්න සොයා බැලිණි.

ඒ අනුව Isosobite mono nitrate – mg 20 නැමැති ඖෂධය පමණක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඖෂධයක් වශයෙන් භාවිතා කෙරෙන අතර, පකිස්තානයෙන් වාර්තා වූ එම සිද්ධිය නිසා අදාළ ඖෂධය ශ්‍රී ලංකාවේ රෝහල්වල භාවිතා කිරීම හා පුද්ගලික ඔසුසැල්වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

මේ ඖෂධය පකිස්තානයේ ඖෂධ සමාගමක් වන Zefro නැමැති ඖෂධ සමාගම නිපදවයි. ඉහත කී ඖෂධය අත්හිටුවීම පිළිබඳව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් අතර, ඇමැතිවරයා මේ ඖෂධය සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් එම ඖෂධය භාවිතා කිරීම සහ පුද්ගලික ඔසුසැල්වල අලෙවි කිරීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.


http://www.dinamina.lk/2012/01/28/_art.asp?fn=n1201284


Pakistani heart drug use suspended

The use of the Isosobite-mono 20mg drug, manufactured in Pakistan for heart patients, has been suspended in Sri Lanka, according to the Health Ministry.

The ministry quoting Dr. Hemantha Beneragama, Director of the National Drug Authority (NDA), said in a media statement that Isosobite-mono had been identified as the cause for death of 70 heart patients in Pakistan.

The Health Ministry said the sale and distribution of the drug had been suspended pending investigations. The decision of the NDA had been conveyed to the Health Minister, the medias statement said.

The drug was produced by a Pakistani company called Zefro, the Health Ministry said.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=44092

No comments:

Post a Comment