Saturday, January 28, 2012

ගැරේජ් අංකයෙන් දුවන වාහන අද සිට අල්ලයි

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්, පණ්ඩුක සමරසේකර

නව රථවාහනවලට තාවකාලිකව ලබාදෙන ගැරේජ් අංක භාවිතා කරමින් මාර්ගවල ධාවනය කිරීමට නොහැකි බවත් එලෙස ධාවනය වන රථවාහන අද (28) සිට අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් නීතිය අද සිට අකුරට ක්‍රියාත්මක කරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු දිනමිණට ඊයේ පැවැසීය.
නව රථවාහනවලට මෙලෙස ගැරේජ් අංක දෙනු ලබන්නේ වරායේ සිට ගරාජ දක්වා ගමන් කිරීමට පමණක් බවත් පෙන්වාදෙන මෙම උසස් නිලධාරියා පවසා සිටියේ සාමාන්‍ය මාර්ගවල ගරාජ අංක සහිතව ධාවනය වන රථවාහන මින් ඉදිරියට අත්අඩංගුවට ගන්නා බවයි.

No comments:

Post a Comment