Tuesday, January 31, 2012

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පොදු කාණු පද්ධතිය අපිරිසුදුයි

අපද්‍රව්‍ය එක්රැස්වී ජලය බැස යාමත් අවහිර වෙලා

අතුරුගිරිය විශේෂ වික්‍රම සමරසිංහ


අපවිත්‍ර ද්‍රව්‍ය සහ මදුරු කීටයන් සහිත කාණු පද්ධතිය

අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් කාණු පද්ධතියේ බොහෝ ස්ථානවල අපද්‍රව්‍යය එක්රැස්ව ඇති අතර ඒවායේ මදුරු කීටයන්ද බහුලව සිටිති.

මේ නිවාස සංකීර්ණයේ ඇති නිවාස අංක 01, 02, 03, 04, 05, 06 ආදි වශයෙන් කලාපවලට බෙදා ඇත. ඒ අනුව නිවාස සඳහා ඇති පහසුකම්ද අඩු වැඩි වී පවතී. පර්චස් හය හත වැනි කුඩා ඉඩම් කොටස් වල මේ නිවාස ඉදි කර තිබේ. මේ නිවෙස්වලින් බැහැර කරන වැසි ජලය බැස යෑමට මේ කොන්ක්‍රීට් කාණු පද්ධතිය සාදා ඇත. මේ නිවාස බොහෝමයක මුළුතැන් ගෙයි හා නාන කාමරවලින් බැහර කෙරෙන අප ජලය එක් රැස් වෙන්නේත් මේ කාණු පද්ධතියටය.

ඇතැම් ආපන ශාලා සහ වෙළඳ සල් වලින් ඉවත දමන අපද්‍රව්‍යද මේ නිවාස සංකීර්්ණය අවට ඇති පොදු කාණු පද්ධති වලට මුදා හරින නිසා ඒවායේ ජලය බැස යාමත් හරිහැටි සිදු නොවේ.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක මහතගේ උපදෙස් පරිදි ප්‍රජා පොලිස් හා පරිසර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බර්ටි වීරසිංහ සැරයන් බෝගහවත්ත ප්‍රජා පොලිස් නිලධාරී පුංචිහේවා සහ තවත් විවිධ ක්ෂේත්‍රවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩෙංගු මර්දන සහ පරිසරය සුරැකීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

එහිදී එම නිවාස සංකීර්ණය අවට ඇති මේ අපිරිසුදු කාණු පද්ධති ගැන එම නිලධාරීන්ගේ අවධානය යොමු විය.

පොදු කාණු පද්ධතියට මෙසේ ඉඳුල් අපද්‍රව්‍ය හා ජලය එක්කරන අයට එමනිලධාරීහු අවවාද ලබාදුන් අතර ඒ සඳහා යෝග්‍ය විසඳුම් ද පෙන්වා දුන්හ.

එහිදී පරිසරයට හානිකර අන්දමින් හෝටල් සහ නිවාස වලින් අපද්‍රව්‍ය බැහැර කර තිබු දෙදෙනෙකුට නීතිමය පියවරද ගනු ලැබූහ.

http://www.dinamina.lk/2012/01/31/_art.asp?fn=r1201311

No comments:

Post a Comment