Friday, January 27, 2012

මීගමුව මහ රෝහලේ වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි

වාට්ටුවල ඉඩකඩ නෑ

කොච්චිකඩේ විශේෂ ඩී. මිහිදුකුල

මීගමුව දිසා මහ රෝහලේ වාට්ටු ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරෙති.

පසුගිය 15 දා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි ඩෙංගු රෝගීන් තිදෙනෙකු සමඟ ඩෙංගු උණ රෝගීන් 88 ක් රෝහලේ වාට්ටුවල වූහ. 16 දා වන විට දැඩි සත්කාර ඒකකයේ සිටි තිදෙනෙකු සමඟ රෝගීන්ට 98 දක්වා වැඩි වී  ඇත. 



රෝහල් භූමියේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය අසල කැඩී බිඳී ගිය කාණුවක ජලය රැඳී පවතින
අයුරු. ඡායාරූපය - කොච්චිකඩේ විශේෂ

වාට්ටුවල පවතින ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් ඇතැම් ඩෙංගු උණ රෝගීන් බිම වැතිරී සිටිති. එම රෝගීන්ට කිසිදු සුව පහසුවක් නැත. රෝගීන් වැඩි වන විට සිටිනා කාර්ය මණ්ඩලයට එහි සේවය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත.

ඩෙංගු රෝගීන් රුධිර සාම්පල කෙටි කාලයකින් පරීක්ෂා කිරීම සඳහා සුදුසු ක්‍රම වේදයක් සැලැසුම් කර තිබෙන බවත්, කාර්ය මණ්ඩලය වැඩි කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ සාකච්ඡා වෙමින් පවතින බවත් රෝහලේ සහකාර වෛද්‍ය අධිකාරි වෛද්‍ය ලාල් අරුණසිරි මහතා පැවසීය.

රෝහල් භූමිය තුළ තිබෙන කැඩී බිඳී ගිය ඇතැම් කාණුවල රඳා පවතින ජලයෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින බවද ජනතාව කියති.


http://www.dinamina.lk/2012/01/26/_art.asp?fn=r1201261

No comments:

Post a Comment