Friday, January 27, 2012

ළමා ආරක්‍ෂක අධිකාරියේ දැඩි සේවක හිඟයක්‌

තුෂාරී කළුබෝවිල

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් හා සේවකයන්ගේ හිඟයක්‌ පවතින බැවින් දෛනික කටයුතුවලට විශාල බාධාවක්‌ සිදුවී ඇතැයි වාර්තා වේ.

මේ දිනවල පාසල් ප්‍රවාහන රථ ලියාපදිංචිය සඳහා විශාල පිරිසක්‌ අධිකාරියට පැමිණෙන අතර එම ලියාපදිංචි කටයුතු සිදු කිරීම සඳහා එම කාර්යයෙහි නියුතු නිලධාරීන් සිටින්නේ එක්‌ අයකු හෝ දෙදෙනකු පමණක්‌ බවට පාසල් ප්‍රවාහන රථ රියෑදුරන් චෝදනා කරයි.

මේ නිසා පාසල් ප්‍රවාහන රථ සම්බන්ධයෙන් පනවා ඇති නව නීති රීතිවලට අනුගත වීම සඳහා අධිකාරිය වෙත යන රියෑදුරන් දැඩි දුෂ්කරතාවකට පත්වන බව ඔවුහු zzදිවයිනZZ ට පැවසූහ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි පියදාස මාරඹගේ මහතා පැවසුවේ පාසල් ප්‍රවාහන රථ රියෑදුරන් අධිකාරියට පැමිණ විශාල කලබලයක්‌ ඇති කරන බවයි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් පාසල් ප්‍රවාහන රථ සඳහා බලපත්‍ර නිකුත් කළ නමුත් එම නීතිය අනිවාර්ය කරනතුරු වැඩිදෙනකු ඒ පිළිබඳ උනන්දු නොවූ බවද ඔහු පැවසීය.

එක දිනක එක වරුවකදී රියෑදුරන් සියයකට ආසන්න පිරිසක්‌ අධිකාරියට පැමිණ බලපත්‍ර ලබා ගැනීමට කලබල කළ බව මාරඹගේ මහතා කීවේය.

අධිකාරියේ පුරප්පාඩු පිරවීම සඳහා සිය දෙනකු අලුතෙන් බඳවා ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලයට පසුගිය වසරේ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළ බවත්, කඩිනමින් එම බඳවා ගැනීම් රජය මගින් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.


http://www.divaina.com/2012/01/27/news18.html

No comments:

Post a Comment